ඇස් දෙකක් හිනහිලා මට ලංවුනා
වැහි මල් ගෙනා සිහිලේ පවා හිත පිච්චුනා
හිත් දෙකක් පෙම් කමින් ලෙනංගතු වෙලා
දොඩමළු වුනා ලඟටම වෙලා මගෙමයි කියා
වහින්නේ වස්සානේ ලමැද ගුලි වෙලා
ඔබ දඟකලා උණුහුම හොයා
වරුසාවේ තෙමෙන්නේ
ලඟම දැවටිලා හොරකම් කලා හිමිකම ඔයා
වැහි හලා කළු වළා අහසින් ගියා
තවමත් ඔයා ඇසිපිය වසා තුරුලට වෙලා
ඔබ මගේ හිත පුරා සෙනෙහස තියා
දැන් යන්න බෑ ඔබ හැරදමා හද බර වෙලා
වහින්නේ වස්සානේ ලමැද ගුලි වෙලා
ඔබ දඟකලා උණුහුම හොයා
වරුසාවේ තෙමෙන්නේ
ලඟම දැවටිලා හොරකම් කලා හිමිකම ඔයා.....///
ගායනය: ශිහාන් මිහිරංග
Download Mp3
0 comments:
Post a Comment