Facebook Twitter Google+ Youtube Feed
­
This is an example of a HTML caption with a link.

Ea Neela Warala Peerala - Danapala Udawatta

0 comments



ඈ නීල වරල පීරලා
ඈ යන ගමන හැඩ වෙලා
ගම්මානේ මිහිරියාව ගමම එළි කළා
පුන්සඳ රැස් කැළුම් හෙලා
ඈ සුර දෙව්ලියක් වෙලා
සුසුම් නටයි පවන් සල සලා
සුරංගනාවී..සුරංගනාවී..සුපෙම්බරාවී
ගම්බද විලාසිතාවී

වසන්ත සමය ළංවෙලා
කෝකිල නදින් මත්වෙලා
සිසිල් සුළං යාවී පාවෙලා
දඟ පුළුලුකුල සල සලා
ඈ මඟ යන්නේ හිනහිලා
නිල් නෙත් යුඟ මහද මත් කළා

හැඩවැඩ ගමන ලලිත වේ
ඔබ මුළු ගමට මැණික වේ
සිනහා මුවින් හදක් සැනසුවේ
සාමය සතුට රැදි ලොවේ
කුමරිය ඔබ සිතේ මැවේ
නොබලා හදවත දුකින් තැවේ
ලස්සන මල් කුමාරියේ
ගම එළිකල මනාලියේ
ඔබ දුටු මගේ හද පිනා ගියේ
සුර ලෝකේ සුරඟනාවියේ
මගේ හද දිනු දයාවියේ
සිරි දෙව් දුව ඔබ ප්‍රියාවියේ

ඈ නීල වරල පීරලා
ඈ යන ගමන හැඩ වෙලා
ගම්මානේ මිහිරියාව ගමම එළි කළා
පුන්සඳ රැස් කැළුම් හෙලා
ඈ සුර දෙව්ලියක් වෙලා
සුසුම් නටයි පවන් සල සලා
සුරංගනාවී..සුරංගනාවී..සුපෙම්බරාවී
ගම්බද විලාසිතාවී

Kath kawuruwath Nathi Bawa Dana Dana - Amarasiri Peiris

0 comments



කාත් කවුරුවත් නැති බව දැන දැන
මාත් මගේ හිතත් රාත්‍රියක තියලා
නුඹත් ගියා නම් හෙටක් තියෙවිද
මටත් ඉරක් නැගෙනා...

සාංකාව ඇහරෙන ගන අදුරේ
ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ
ඈත් වෙන්න නම්
ඇයි තුරුලෙම උන්නේ...

වේදනව ඇවිලෙන දිවි කතරේ
දෑස් ඇරන් හිද තවත් පලක් නැත්තෙ
ඒත් කියන්නම්
හමුවෙමු මතු භවයේ..

DOWNLOAD MP3 HERE




Pitakotuwe Maha Rata [Mihithalaya Album] - Chamara Ranawaka

0 comments



පිට කොටුවේ මහා රෑට අපි ඒක්වුනා
මුලු නගරේ නිදි අතරේ අපි පාවුනා
අඬ අදුරේ මරදානේ අපි වේලුනා
කොළ කැලි බට හදලා අපි සැනසුනා
සන්තොසේ සන්තාපේ ඒකමුතු වී පෙනුනා
සංසාරේ මන්තිරේ දුර දිග බව දැනුනා
අපි ළගම අපි රැවටුනා... //

මත් බඔරු මහා රෑට ගුමු ගුමු කියයි
මල් පෙත්ත ළඟ පින්න සරදමි කරයි
සැලසුම් ගොඩයි දිවිය ඒක්තැන්කරයි
මගේ ලොකේ බොරු හීන මන්මත් කරයි

පිට කොටුවේ මහා ....

සරු සාර හෙට දවස මට අතවනයි
දෑසින් බදා මාව තුරුලේ හොවයි
සිත ගාව එඩිතරව ලොව හිරු බලයි
කොළ කැලි බට කැලි මට අත වනයි

පිට කොටුවේ මහා රෑට අපි ඒක්වුනා
මුලු නගරේ නිදි අතරේ අපි පාවුනා
අඬ අදුරේ මරදානේ අපි වෙලුනා
කොළ කැලි බට හදලා අපි සැනසුනා
සන්තොසේ සන්තාපේ ඒකමුතු වී පෙනුනා
සංසාරේ මන්තිරේ දුර දිග බව දැනුනා
අපි ළගම අපි රැවටුනා... //

Title :- Pita Kotuwe Maha Reta
Artist/s :- Chamara Ranawaka

Download Mp3 HERE


Me Sanda Unath - Buddhika Ushan

0 comments



මේ සඳ වුනත් පායා ඇවිත්..
ඉස්සර වගේ එලිය දුන්නා වුනත්..
මේ හුලඟ මත් ආයෙත් ඇවිත්..
නුඹ හිද්දි දුන් සිසිල දුන්නා වුනත්...

පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා වුනත්
මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත්
හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම් ඉවසම්දෝ............

මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ...

ආයේ හිරු නැ...හෙට හුලඟත් නැ..
නුඹ ආවත් මේ රැය නැ...
ආයේ නුඹ නැ...දුක් කදුලුත් නැ...
රැය ආවත් මම නැ......

මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ...

◙ ගායනය : බුද්ධික උෂාන්
◙ පද රචනය : ඉසුරු වීරසිංහ මුදලි
◙ සංගීතය : සංඛ දිනෙත්
Download Mp3 Here


Meevitha Piruna Madiyam Ra - Dinesh Tharanga

0 comments



මීවිත පිරුනා මැදියම් රෑ
ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ
නෙතු ළඟ සීතල මැවුනා
කදුළක් තාලෙට හැලුනා
මා හඳ හැඩුවා ඔබ දන්නෑ

සියොළඟ පෙගුනා තුරුලට වී
සඳ ගිනිගත්තා උණුසුම් වී
මතකය පමණයි
ඈ මියදී
මේ තනියහනේ මා තනිවී
නෙතු ළඟ සීතල මැවුනා
කදුළක් තාලෙට හැලුනා
මා හඳ හැඩුවා ඔබ දන්නෑ

වාවනු බෑ හිත ගිනිගත්දී
මට උණුසුම විතරයි ඔබ ඉද්දී
සුදු පාටින් ඇයි ඔබ සැරසී
ඔය නිල් නෙතු නිහඬයි අද පියවී
නෙතු ළඟ සීතල මැවුනා
කදුළක් තාලෙට හැලුනා
මා හඳ හැඩුවා ඔබ දන්නෑ


Suraganak Wage Obe Adare Mage Nowe - Ranga Sathyajith

0 comments



සුරගනක් වගේ ඔබේ අදරේ මගේ නොවේ
මා තනි කලේ ඇයි කියන්න කිරිල්ලියේ
සිහිනේකින් වගේ අවුදින් මා සිතේ
ඔබ ඉන්න සදා මා ඔබටමයි ආදරේ //

සිතුවම් බොදකලා...
කදුලක දිය වෙලා ...
හදවත වේදනා ...
නුඹ තුල නම් සිතින්
සමුදෙමි හිනැහිල... //

සුරගනක් වගේ ඔබේ අදරේ මගේ නොවේ
මා තනි කලේ ඇයි කියන්න කිරිල්ලියේ.....

සිතුවම් බොදකලා...
කදුලක දිය වෙලා ...
හදවත වේදනා ...
නුඹ තුල නම් සිතින්
සමුදෙමි හිනැහිල...

සිහිනේකින් වගේ අවුදින් මා සිතේ
ඔබ ඉන්න සදා මා ඔබටමයි ආදරේ...

සුරගනක් වගේ ඔබේ අදරේ මගේ නොවේ
මා තනි කලේ ඇයි කියන්න කිරිල්ලියේ

සිහිනේකින් වගේ අවුදින් මා සිතේ
ඔබ ඉන්න සදා මා ඔබටමයි ආදරේ ...

  ගායනය - රංග සත්‍යජිත්


Handennata Kaduluth Na - Rose Alagiyawanna (Flash Back)

0 comments



හැඩෙන්නට කදුලුත් නැහැ
රිදෙන්නට හිතුකුත් නැහැ
මගේ ජීවිතේ..... මගේ ජීවිතේ.....
නින්ද මට අද උරුම නැහැ
තවත් හිත රවටන්න බැහැ
ඔබ මගේ ලග නැහැ...
ඔබව මට හිමි නැහැ...

හැඩෙන්නට කදුලුත් නැහැ.....

සිතා ගන්නටවත් බැහැ
ඇයිද මෙතරම් ඔබට ආදරෙයි කියලා
නොදැක ඉන්නට සිතුවත්
හිත අකීකරු වෙනවා
හිමි වුනා නම්..... ඔබව මට සදවතී.....
මගේ පණ මෙන් රකිනවා මම සත්තයි


හදාගන්නට නම් බැහැ
හඩන සිත මගේ ඔයා ගැන විමසනවා
නොලැබෙනා බව දැනුනත්
තවත් මම පෙම් කෙරුවා
ඉන්න සතුටින්...... මගේ සද රාජිණියේ.....
හිමි නැතත් මට  ඔයා මගෙමයි සැමදා

හැඩෙන්නට කුදුලුත් නැහැ.......

Download MP3 Click Here





Oya Nisa Handala Mage Asuth Riduna - Roshan Fernando

0 comments



ඔයා නිසා හඬලා
මගේ ඇසුත් රිදුනා
තරහා වෙලා.. හැර ගියදා
පාලුවේ උන්නේ
වේදනා දැනුනේ...

සිහිකරලා ඔබ ගැන මා හඩලා
තව මට නෑ සැනසිල්ලක් ලැබිලා
පෙම බිදලා ඔබ ගියදා ඉදලා
තනිවීලා ඉන්නේ සැමදා

ඔයා නිසා හඬලා...

සෙනෙහස මා මද සුළගක් කරලා
පා කෙරුවා එන ලෙස ඔබ සොයලා
සුසුමක් වී ඒ සුළගේ එතිලා
එනු මැනවී මා හා බැදිලා
මා හා බැදිලා

ඔයා නිසා හඬලා......
ගායනය :- රොෂාන් ප්‍රනාන්දු





Download Mp3 Click Here






Pama Wediy Oba Pama Wediy - Chandana Liyanarachchi

0 comments



පමාවැඩි ඔබ පමාවැඩි
මට හමුවූවේ ඔබ පසුවී
පෙර හමුවී නම් ඇය නොපතා මං
ඔබටම සිත පුදමී

ඔබ සිනාසිසී එන වසන්තෙකි
ඇය මුලාවකි ගිම්හානෙකි
සිත නිරතුරු පසු තැවෙනා
ඔබ සුවඳකි මන බඳිනා

ඇය අමාවකේ රළු අහස මෙනි
සොමි සදන නිති ඔබ තාරුපති
ඇය නියඟෙකි හිත දවනා
ඔබ නිල්මිණි සේ දිලෙනා

Download Mp3 Song

Sitha Sanasuma Windemi Oba Hinda - Chandraleka Perera

0 comments



සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා
මුව මත මල් හසරැලි රන්දා
මිහිරි දයාබරයි ඔබේ සෙනෙහෙ
නොයිදුල් සෙනෙහෙ ඔබ නෙතු අතරේ මා දුටුවා
ඔබගේ සෙවනේ රැදුනා මුළු ලොව මගේ යයි සිතුනා

දෙනයන සනසන දසුනකි ඔබ මට ජිවිතේ
නිරතුරු පුද දෙමි හද බැදී නිකැළැල් ආදරේ //
මන බන්දා රස කැන්දා
සුව වින්දා ඔබ හින්දා

අප සිත එක කල මහිමය මින්දද හීසරේ
අතිනත ගෙන යමු සුවදින් පිරි මල් මාවතේ //
මන බන්දා රස කැන්දා
සුව වින්දා ඔබ හින්දා

Download Mp3 Song

Nodaka Inna Ba Mata Nam – Ruwan Hettiarachchi

0 comments



නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ //

පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා
මා හැරදමා සිහිවෙනවා
ඔබ කී කතා මුළු රෑ පුරා
මතකේ දරා විඳිමි සදා
මතකේ දරා විඳිමි සදා


මිහිඳුම් වළා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමී සදා
පෙර පෑ සිනා පූජා කලා
අඳුරේ තියා සඟවා දමා
මේ වේදනා යළි එනතුරා
දිවියේ පුරා ඉඳිමී බලා

නොදැක ඉන්න බෑ.........

Click
Here to Download Mp3 

Chamara Ranawaka – Mihithalaya Album

0 comments



Mihithalaya Album


01.Maha sayura                                  Download
02.Pita kotuwe                                   Download
03.Apewunama hada gaththa              Download
04.Sanda kan watila                           Download
05.Duruthu mase                                Download
06.Hiru kumari mage                          Download
07.Podi nona doti                               Download
08.Hulan wadey                                 Download
09.Heena thawath                              Download
10.Wel yaya madde                           Download
11.Sarigama wayala                           Download
12.Seethala mase                               Download
13.Danena witadi                              Download
14.Mal ethano                                  Download

Dedunu Patai Muhuna Obe - Rukantha & Chandralekha Perera

0 comments



දේදුනු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනලියේ
මුල් වර දුටු දින සිත ගත්තේ එකයි සමනලියේ
අරුනොදේ සුව දේ

මල් වැල මී බිදු වැහෙන්නේ ඔබටයි මල් කුමාරෝ
සීතල පිනි මත ඇවිදින්නේ ඔබටයි රන් බබරෝ
මේ යාමේ හමුවී එක වීලා ලං වීලා සැනසී

වරල ඔබේ අද හැලෙනා ඇල්ල වගේ
සුවද ඔබේ චන්දන අරණ වගේ

ආදර ලෝකෙට පායන සද ලෙස ඔබේ වත දිලිසෙන්නේ
සාගර ජලයට වඩා වැඩි මට ආදරේ ඔබට ප්‍රියේ
ආදරේ ඔබට ප්‍රියේ

කීව කතා ඔබ මා ගැන සිහි වෙනවා
ප්‍රේම ලොවේ මම අහසේ පියබනවා

ඔබ ඇත ගන්නට සෙනෙහස දෙන්නට මගේ සිත ලතවෙනවා
ඔබ සනසන්නට සුව කැන්දන්නට මා හනිකට එනවා
ලදුනේ මා හනිකට එනවා



Senehasa Illa Liyathambara Langa Handa Wetenawa - Malani Bulathsinhala

0 comments



සෙනෙහස ඉල්ලා ලියතඹරා ලඟ...
හඬා වැටෙනවා මියැසි කැලක්...
කපුරු මලක පෙති සිඳ බිඳ දැම්මා...
මලට වඩා විෂ බඹර තුඩක්.....

වැහි කළුවර ඇති හැන්දෑ සමයක...
තරු මල් පිපුනලු අහස ගැබේ...
දේව දූතයොත් හඬා වැටෙනවා...
පෙම් මල් ඉහිරුණු පර දිගේ....

යෞවනයේ සිත් විශකළ ප්‍රේමය..
කලියුගයේ ඇත පහල වේලා...
අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව...
පවිත්‍ර ප්‍රේමය මහළු වෙලා.....



Sithak Kelesada Me Tharam Wedanawan Windinne - Malani Bulathsinhala

0 comments



සිතක් කෙලෙසද මේ තරම්
වේදනාවන් විදින්නේ
නෙතක් කෙලෙසද මේ තරම්
දුකට කදුළැලි සලන්නේ

ඔබෙන් වෙන්වී ගෙවෙන මොහොතද
කල්පයක් වී දැනෙයි නම්
ඔබෙන් තොර හෙට දිනක් ගැන මා
සිතා ගන්නේ කෙලෙසදෝ

සුසුම් කදුළැල් සිහින පමණක්
උරුමයන් වී සඳාකල්
සතුට මොහොතක මිරිඟුවක් වී
බිඳී යන්නේ ඇයි මෙසේ



Nobalan Kumariya - TM Jayarathna

0 comments



නොබලන් කුමරිය නිසසල මා දෙස
සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා ලොව
කළඹනු නොහැක ඉතිං

ළඳකගේ සෙනෙහස නොපතමි කිසිදා
නිදහස අගයන්නෙම්
නුරා පිරුනු නෙතු වෙනතක දල්වා
සමුගත මැනවි ඉතිං

සුපුරුදු තනිකම පාළුව මිහිරියි
හිදිනෙමි සැනසිල්ලෙන්
ආදර රැහැනින් මහඳ වෙලන්නට
ඔබ හට නොහැක ඉතිං




Man Nathida Hithata Dukak Nubata Nam Nathi - Nelu Adikari

0 comments



මං නැතිදා සිතට දුකක්
නුඹට නම් නැති
පුදුමයි නුඹ වාගේ මට
ඉන්න බැරි හැටි

සංසාරේ මගෙන් තැවුල්
නුඹට වෙන්න ඇති
ඒ හින්දා නුඹේ හිත
රළු පරළු වෙන්න ඇති

මං හින්දා...ඔය දෑසට කදුළු
එන්නැති
ඉනූ කදුළු අද නුඹ මට
දෙනවා වෙනැති
කදුළැලි දෙනවා වෙන්නැති...



Malata Bambareku Se - Clarance Wijewardana

0 comments



මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා
ඔබ සිනාසෙනවා

දුකින් සිත මැලවී සිටින මොහොතකදී
ඔබ ගැනයි සිතුවේ නිවෙයි දුක පහවී

ලොව පහන් වෙනවා රැය කරා යනවා
දහස්වර අතරේ ඔබව සිහිවෙනවා

මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා
ඔබ සිනාසෙනවා

ගායනය :- ක්ලැරන්ස් විජේවර්ධන



Ma Hada Winiwida Dakinna - Dumal Warnakulasooriya

0 comments



මා හද විනිවිද දකින්න
දෑසක් නුඹට තිබුනා නම්
මා සිත කියවා බලන්න
නුඹ සිතට හැකි වී නම්
තවම නුඹගෙයි මං..........//

නුඹ ප්‍රේමය කිය වුයේ
අසුභ නැකතකටයි
මල් සුවඳ පිඳුවේ
විස බඹර කැලටයි

මා හද විනිවිද දකින්න ..........//

නුඹ අන්ද වී සිටියේ
උමතු රාගයටයි
යලි දෑස ඇරුනේ
දුරස් වූ පසුවයි

මා හද විනිවිද දකින්න ..........//

ගායනය:- දුමාල් වර්ණකුලසූරිය

Mage Prathama Adare Oba - Thushara Jeewantha

0 comments




මගෙ ප්‍රථම ආදරේ......
මගෙ ප්‍රථම ආදරේ ඔබ පමණයි
අවසාන ආදරෙත් ඔබ පමණයි
නෙතු පියෙන තුරාවට ඔබ මගෙමයි
මට ඔබෙන් තොර ලොවක් නැති ගානයි
මට ඔබෙන් තොර ලොවක් නැති ගානයි

ඔබට මමත් මම ඔබටත් නැතිව බැරි තරම්
ආදරයේ සෙනේ දියෙන් නෑවිලා පැතුම්
සිත හඬවන්නැ අබ මල් රේණුවක තරම්
උණු කඳුලක් වැටෙන්නෙපා නුබේ නෙතු අඟින්
මගෙ ප්‍රථම ආදරේ......
මගෙ ප්‍රථම ආදරේ ඔබ පමණයි
අවසාන ආදරෙත් ඔබ පමණයි
නෙතු පියෙන තුරාවට ඔබ මගෙමයි
මට ඔබෙන් තොර ලොවක් නැති ගානයි
මට ඔබෙන් තොර ලොවක් නැති ගානයි

සුළං රොදක් වගේ ඇවිත් මගේ මුව ලඟින්
සිප ගන්නවා ඔබේ සුවඳ යන්නෙ නෑ සිතින්
ඉන්න ඉසව්වට මගෙ සිත යනවා මොහොතකින්
ඔබේ වදන් ඇහෙනවා මට ගීතයක් ලෙසින්
මගෙ ප්‍රථම ආදරේ......
මගෙ ප්‍රථම ආදරේ ඔබ පමණයි
අවසාන ආදරෙත් ඔබ පමණයි
නෙතු පියෙන තුරාවට ඔබ මගෙමයි
මට ඔබෙන් තොර ලොවක් නැති ගානයි
මට ඔබෙන් තොර ලොවක් නැති ගානයි
 මට ඔබෙන් තොර ලොවක්

 

Hari therumak dennata - Sulanga Teledrama

0 comments

Hari therumak dennata - Sulanga Teledrama


හරි තේරුමක් දෙන්නට නැතත්
නුඹ හදට ලං වුනු ගීතයක්//

හරි තේරුමක් දෙන්නට නැතත්
නුඹ හදට ලං වුනු ගීතයක්

හීන එකතු කර පබැඳුව
වසන්තය මත තැවරුව
අනන්තය වෙත ඉගිල්ලෙන්නට හදන
නුඹ හදට ලං වුනු ගීතයක්
හරි තේරුමක් දෙන්නට නැතත්
නුඹ හදට ලං වුනු ගීතයක්

බැස නොයන මදු පුර සඳ
නිදි වරන මගේ නෙතු ලඟ
හිනා වෙන රෑ
තනියමම සිත ලඟම
නුඹ හදට ලං වුනු ගීතයක්
හරි තේරුමක් දෙන්නට නැතත්
නුඹ හදට ලං වුනු ගීතයක්//



Adura Madin Oba Enawada Adare Aran - Thushara Jeewantha

0 comments

Adura Madin Oba Enawada Adare Aran


අඳුර මැදින නුඹ එනවද ආදරේ අරන්

නැගෙන හිරු මැදින්
බසින හිරු මැදින්
ඉතින් කියනවද මට ආදරේ එක වරක්
රිදෙන සිත දුකින්
දැවෙන සිත දුකින්

සුසුම් පොදයි නුඹ මට මගේ ජීවිතය ගෙනියන
මගේ සුසුම් පොදයි නුඹ
නුඹ ආදරෙයිද මට මහ සාගරය තරමට
කඳුලක් වෙන්නෙපා නුඹ
නිල් අහසක් තරමට දැනෙනවා නුඹගේ සෙනෙහස

සරා සඳකි නුඹ මට සිත් අහසම එලිය කල
අඳුරක් දෙන්නෙපා නුඹ
නාමල් සුවඳකි නුඹ සිත් මළුවම සුවඳ කල
දැනෙනවා නුඹගේ සෙනෙහස
නෙතඟින් කඩා හැලෙන කඳුලක් වෙන්නෙපා නුඹ



Hitha Mage Alawanthai (Pini Aga Pulingu Theme Song) - Kasun Primal & Thrishala Wijetunga

0 comments



නිල් දෑසේ මදහාස මට තාම අද වගේ මතකයි
නුඹ පෑව ආදරය හිත ගාව හැමදාමත් සොඳුරුයි
පෙම්දමක රන් හීන මට බෝම ස්නේහවන්තයි
හිමි නොවන නුඹ ගැනම හිත මාගේ ආලවන්තයි

එන්න හීනෙන් වත් ඔබ එන්න
ඉන්න හැම හීනෙම ඔබ ඉන්න
එන්න මාගේ හීනෙම නවතින්න
මාගේ සිහිනේ //
හිමි නොවන නුඹ ගැනම හිත මාගේ ආලවන්තයි

රෑ සිහින පාවේ හද ගැස්‌ම මා වේ
සිහින තරු විලේ මගේ හිත තනි වේ
ඔබ මගෙන් දුර ගියා හිත ලඟින් දුක තියා
සිහින මායිමේ මගේ හිත තනි වේහිත තනි වේ


එන්න හීනෙන් වත් ඔබ එන්න......





Adarayata Hitha Ridena Tharama Danee Nam - Indunil Andramana

0 comments





ආදරයට හිත රිදෙනා තරම දනී නම්
නුබේ සුවද ගෙන ඈතට යන්නේ නෑ මගෙන්
පෙම් හිතකට දුක් දීල වෙන්ව ගියානම්
හීනෙන් වත් වත් නුබ එන්න එපා මට කදුලු අරන්
 

ප්‍රේමය හිත ලග දැවටී රිදවන තරම
නුබේ සුවඳ ලග නැතුවත් දැනෙනවා තවම
ඔය සෙනෙහස මට මතක් වෙලා ඇඞුවත් දෙනෙත
කවදාවත් හිමි වෙන්නේ නෑ නුබව

හීනය බොදවී දෑසම කඳුලින් තෙමුන
තවමත් තනීවී හිඳිමි නොලැබුන පෙමට
ජීවිතයේ හැමදාමත්ම හිමි නැති මුත් ඔබව
පෙම් කරනා හිත තහනම් කරන්නේ කොහොම



Tharu Werale (Ridee Siththam Theme song) - Damith Asanka | Gayantha

0 comments



තරු වෙරළේ සඳවත සේ
හිත් අහසේ ඔබ පායා උන්නා
හිනැහෙමු ඒ පුරහඳ සේ
මගේ මිතුරේ නෙත් කඳුළු පිසදා

මල් පිපිලා ඇස් මානේ නෙක පැහැයෙන් පුරවා
හිතට දැනුනා හිත් පතුලට මල් සුවඳක් එබුනා
හොරෙන් ඇවිදින් පිණි කඳුලක් සිත් සායම් තිබ්බා
සුවඳ විතරයි අතැගිල්ලට හිමි නැතිදෝ මන්දා

මගෙ ලඟ ඉදන් ලොකු ඇස් පියන්
වස්සාවී හිත් යායේ වරුසා
මිතුරේ මගේ නිල්මල් හීනේ
සුරකීවා ඔය දෑස වගේ ..//

තරු වෙරළේ....
මල් පිපිලා ඇස්......


Sulan Rodak Se Oba Wetha Awidin - Centigradz

0 comments


සුළං රොදක් සේ ඔබ වෙත ඇවිදින්
ලඟින් සිටින්නම් සැනෙකින්
පහන් වැටත් සේ ඔබ ලඟ හිදිමින්
එළිය කරන්නම් සතුටින්

ඔබ එක්වෙනවාදෝ
ඔබ ලංවෙනවාදෝ
ඔබ මා සතු වේදෝ
ඔබ මට හිමි වේදෝ

මා දෙස බලමින් පවසන් ඔබ මගේම යැයි කිලයා
මා වෙත ඇවිදින් මුමුනන් මුළු දිවියම මගේ කියලා

ඔබ එක්වෙනවාදෝ........//

සිහිනයකින් හෝ ඔබ ලඟ රැදෙමින්
ඔය නෙතු අග දැවටෙන්නම්
ඈත අහසේ  තරුඅතරින්
ඔබ කැඳවාගෙන යන්නම්

ඔබ එක්වෙනවාදෝ.....//





As Adaren Purona | Kaveesha Kaviraj

0 comments



ඇස් ආදරෙන් පුරෝනා... හිත පාලුවෙන් ගලෝනා ...
ඔබ මගේම වෙන්න ඕනා.... මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ...
මා හදවතින්ම.. උමතු වී.. තියේ......
මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ.......
මා හදවතින්ම.. උමතු වී.. තියේ.........

ඔබ සිහිවන හැම මොහොතක් ගානේ....
දැක ගන්නට ඔබ මා ළග නෑනේ .....

නුදුරේදීම කර ගන්නට මගේ...... අවසර දෙන්නට පමණයි ඕනේ.....
ඉඩ දෙන්නම් පපුතුරේ.... නැලවෙනු මැන සොදුරියේ....
මට ඔබම තමයි ඕනා............

ඇස් ආදරෙන් පුරෝනා... හිත පාලුවෙන් ගලොනා ...
ඔබ මගේම වෙන්න ඕනා.... මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ...
මා හදවතින්ම.. උමතු වී.. තියේ......
මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ.......
මා හදවතින්ම.. උමතු වී.. තියේ.........

රැක ගන්නම් ජිවිතයම වගේ.... එක සැරයක් හද ගත්තා නම් මගේ ...
සැනසෙන්නට හැමදාමත් ආයේ ..... එනවද හිමිකම ගන්නට මගේ හීනේ.....
නොසිදෙන මහා සාගරේ....තරමට මගේ ආදරේ .....
මට ඔබම තමයි ඕනා............

ඇස් ආදරෙන් පුරෝනා... හිත පාලුවෙන් ගලොනා ...
ඔබ මගේම වෙන්න ඕනා.... මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ...
මා හදවතින්ම.. උමතු වී.. තියේ......
මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ........
මා හදවතින්ම.. උමතු වී.. තියේ..........


Mawa Amathaka Kalata - Noel Raj

0 comments



මාව අමතක කලාට
වෙන කෙනෙකු වෙත ගියාට
තාම ආදරේ ඔයාට
නෙතු සැරසෙයි කඳුලකට.....///

අප සිපගත් පළමු දිනේ දැන්
සිහිනයක් වෙලා
ඔබ ගැන මුළු ලොවටම කී දේ
මුසාවක් වෙලා
පිවිතුරු මගෙ සැමටම
විහිළුවක් වෙලා
අන්සතු වී ඔබ වෙන හදකට
සිසිලසක් වෙලා

මාව අමතක කලාට
වෙන කෙනෙකු වෙත ගියාට
තාම ආදරේ ඔයාට
නෙතු සැරසෙයි කඳුලකට.....///

ආදරයයි කඳුලයි සුසුමයි
හදට හිර කරන්
මම ඉන්නම් තාමත් ඔබ මගේ
පෙම්වති කියන්
සිත් බිඳිලා තනි වුණ මං වගේ
හඬන පෙම්වතුන්
ආදරයක් නැති වුණ කෙනෙකුට
සිනහා නොම වෙයන්

ගායනය :- නොයෙල් රාජ්




Nil Nethu Obe Hadawatha Mage - Milinda Sandaruwan

0 comments



නිල් නෙතු ඔබේ හදවත මගේ
කැළඹූ යුගේ නැත නිම වුනේ
විල් තෙර නොවේ මගෙ හදවතේ
ඔය රන් පියුම පිපුනේ
විල් තෙර නොවේ මගෙ හදවතේ
ඔය රන් පියුම පිපුනේ 
නිල් නෙතු ඔබේ හදවත මගේ
කැළඹූ යුගේ නැත නිම වුනේ

නිම්හිම් නොවේ සෙනෙහේ සුවේ 
එය ආදරයෙහි අරුමේ
සන්සුන් සිතේ ගැඹුරෙහි සැදි
මට ආදරය දැනුනේ
නිල් නෙතු.........////

මියුලැසි නෙතේ ආදර සිතේ
හැමදා සුවඳ රැඳුනේ
හිතවන්තියේ පෙම්වන්තියේ
ඔබමයි මගේ හද සිහිනේ
නිල් නෙතු.........////
නිල් නෙතු ඔබේ හදවත මගේ
කැළඹූ යුගේ නැත නිම වුනේ
විල් තෙර නොවේ මගෙ හදවතේ
ඔය රන් පියුම පිපුනේ
විල් තෙර නොවේ මගෙ හදවතේ
ඔය රන් පියුම පිපුනේ 
නිල් නෙතු ඔබේ හදවත මගේ
කැළඹූ යුගේ නැත නිම වුනේ


ගායනය: මිලින්ද සඳරුවන්


DOWNLOAD MP3 Here

Lan Lan Wela - Noel Raj

0 comments



ලං ලං වලා සිතින් මා
හොර රහසේ ගොළු වෙලා
දැන දැනත් අහිමි බැව් මා පෙම් කලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන්වෙන්න බෑ මට පෙම් කල නිසා//

පැහැසර සිනාවෝ අද සුසුම් එවලා
හොර රහසේ ගියාදෝ මේ දෑස හඬවලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන්වෙන්න බෑ මට  පෙම් කල නිසා

දුප්පත් කතාවෝ ඇති ලයේ රැස් වෙලා
අහලා බලන්න ඒවා මතකද කියාලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගෙ උරුමේ
වෙන්වෙන්න බෑ මට  පෙම් කල නිසා

ගායනය :- නොයෙල් රාජ්





හිරු තනි වෙලා - [පස් වන කොටස]

0 comments



හිරූ අද ඉස්කෝලෙට එන්න වේලාසන වැඩියි කියල  හිරුට හිතුනේ පාරට බහිද්දිම ඇත කඳු මුදුනෙන් පෙනුණු මීදුම දකිද්දී ....

අම්මා කිව්වේ ඇත්ත තමයි අද වේලාසන වැඩ්යි වගේ ..කමක් නෑ අද කොහොමත් පූජාව අපෙන් නිසා මට බුදු මැදුර අස් කරන්න පුළුවන්නේ "
කියල හිරූ හිතුවා …..

"ඒයි මොකෝ මේ පාන්දරම කල්පනා කර කර ?"
මෙනු ළඟටම එනවා හිරූ දැක්කේ නෑ ...

"අනේ මම ඔයාව දැක්කේ නැනේ කෙල්ලේ කොහොමද දැන් ඔයාට හොදයිද "

"ම්ම් ....ඔයාල නිසා ඉක්මනට හොද උනා මට ..හරි පාලුයි අනේ ගෙදර ඉන්න .ඒකයි මේ අවේ .ටිකක් රිදෙනවා අත නම් ...ඒක හරියාවි ටික දවසකින් "

"අපෝ ගෙදරට වෙලා ඉන්න තිබ්බේ ටික දවසක් අපිට කට තියාගෙන ඉන්න තිබුන එහෙනම් ..අයි ඉතින් නැත්නම් ඔයාට බනිනවට වඩා වෙන වැඩක් නෑනේ අපිට "

දෙදෙනාම සිනා සෙමින්ම පාසලට ඇතුල් උනා ..

"....හිරාන් ගුඩ් මෝනින් .....මොකද මේ අද උදේම ඇවිත් "


හෙලෝ කොහොමද ඉතින් මේනු දැන් හොදයිද ඔයාට ...පරක්කු වෙන්න එපා කියන පාඩම නේ ඉතින් මට මේ ඉස්කෝලෙන් මුලින්ම ඉගැන්නුවේ ..මම නිසා අද උදේම ආවා ඉතින් "


සුපුරුදු හිනාවෙන්ම මේනුටයි හිරුටයි එකතු වෙමින් හිරාන් කිව්වා ...
" ඒක හොදයි එක පාරින්ම පාඩම තේරුම් අරන් වගේ ළමයා "

"නැතුව නැතුව ...මම හොද ළමයෙක්නේ ඉතින් ඒක නිසානේ එකපාරින්ම ඉගෙන  ගත්තේ "

"ඔව් ඔව් කව්ද කිව්වේ නරකයි   කියල ඉතින් නේද හිරූ "

මේනු හිරුවත් කතාවට ඇදල ගත්තා..එත් හිරූ සිහින් සිනාවක් මවාගෙන බලාගෙන ඉදියා  මිසක් මුකුත් කිව්වේ නෑ ...

කතාවෙන් කතාව කට්ටිය පන්තියටත් ඇවිත් පොත් තියල පුජාවට ලෑස්ති වෙන්න බුදු මැදුර ගාවට යන්න සුදානම් උනා ...

 

****                          ****                          ****                          ****                          ****                      

පන්තියේ හැමෝම කඩිමුඩියේ පූජාව ලෑස්ති කරනවා කට්ටියක් මලුව පිරිසිඳු කරනවා ..තව කට්ටියක් මල් වට්ටි සකසනවා .. අතරේ පන්තියේ ඉන්න දඟකාර කොලු පැටව් ටිකත් අද සිල් ගත්තු ගානට පහන් පත්තු කරනවා ...







"අනේ හිරූ මේ පහනට තෙල් ටිකක් මදි තෙල් ටිකක් දෙන්නකෝ "



චතුරංග ...හිරුගේ පන්තියේම යාලුවෙක් ..



"ඇයි මෙයාගෙන් ඉල්ලන්නේ ඔයා ගෙනාවේ නැද්ද මොකුත් "

 මේනු කටකාරකමට ඇහුවා .



"මම ගෙනාවත් හිරුගේ අතින් තෙල් දාල පහනක් පත්තු කලාම පින් වැඩි හලෝ ...ඒකයි මේ මම පහනකට තෙල් ටිකක් ඉල්ලන්නේ ලොකූ ප්රාර්ථනාවක් කරන්න "



" මොකද්ද  ??" මෙනු ඇහුවා ...



"ඔය වගේ කටකාරියෙක් ලබන ආත්මෙදිත් අපේ පන්තියටම එවන්න කියල ඉල්ලන්න බුදුසාදුගෙන් "



චතුරංග කියපු කතාවට හැමෝටම හිනා ගියා .



"මොනවා උනත් කතාව නම් ඇත්ත නේ ??"



හිරු හෙමින් සැරේ මේනුගේ කනට කරලා විහිළුවක් කළා ...



බුදුන් වැඳලා පාසලේ වැඩ පටන් ගන්න  ළමයි  හැමෝම  පන්තියට  ගියා .. අතරේ හිරූ සමග මේනුත් හිටියා ....



**** **** **** **** ****

අද හිරූ ගේ පන්ති භාර  ගුරුතුමිය පන්තියට එන්නේ නෑ   කියල පණිවිඩයක්   එද්දිම    කොලු  පැටව්  ටිකට  හිරෙන් නිදහස් කළා වගේ කගහගෙන එහෙ මෙහෙ දුවන්න ගත්තා ..

එත් එක්කම වගේ අද උදේ මුල්ම පීරියඩ් එකේ වාර්ෂික ක්රීඩා උත්සවය පැවැත්වීම පිළිඹදව රැස්වීමක් කැඳවන බව දන්වමින් පාසල පුරාම නිවේදනයක් නිකුත් උනා ...



"හයියෝ මදැයි ක්රිකට් මැච් එකක් ගහන්න යන්න හැදුවා .දැන් මොනා කරන්නද යමු යමු පහලට රැස්වීමට ..."



මූණ මැලවිලා ගියපු මාධව එහෙම කිව්වා ...එක මොහොතක් පන්තියේ ගුරුවරයෙක් නැති උණු ගමන්ම පිරිමි ළමයින්ට මතක් වෙන්නේ ක්රිකට් ගහන්න.. අවස්තාව මග අරුණ නිසාමද කොහෙද හැමෝම රැස්වීමට ගියේ මූණ එල්ලගෙන වගේ ....



විදුහල්පති තුමාගේ මහා දිග කතාව අහන ඉන්න පිරිමි ළමයින්ට වගේම ගැහැණු ළමයින්ටත් කම්මැලි කමේ හිටියෙත් ..මොකද හැමෝම දන්නවා විදුහල්පතිතුමා කතාවක් කරන්න ගත්තම අයෙත් පයකට වත් ඉවර වෙන්නේ නම් නැති බව ..





එත් ඉතින් 

 මොනවා   කරන්නද .ඉවසා දරාගෙන ළමයි හැමෝම පයක් පමණ වෙලාවක් ඉඳල රැස්වීම ඉවර උන කියල කියද්දීම ප්රාණවත් උනේ ඊළඟට මොකද්ද වෙන්නේ කියල දන්නා නිසාමයි ...හැමෝම දේට නම් කැමති උනා..මොකද රැස්වීමෙන් පස්සේ පැවතුනේ ක්රීඩා වලට සිසුන්ව තොර ගැනීමත් පිළිබඳව   දැනුවත් කිරීමත් ......





**** **** **** **** ****

අලුතෙන්  පාසලට  ඇතුලත්  වුනු    සියලුම සිසුන්ව වෙනමම රැස් කරගෙන  ක්රීඩා භාර ගුරුතුමිය එයාලවත් වෙන වෙනම කණ්ඩායම් වලට වෙන් කළා ....පාසලේ තිබුනේ නිවාස හතරයි .. 



සියලුම සිසුන්ව බෙදා වෙන් කරද්දී හිරාන් වෙන් වුනේ ගජභා නිවාසයට ....ඒත් මාධව හිතන් හිටියේ හිරාන් එයාගේ කණ්ඩායමට තේරේවි කියල ..



'' අනේ බන් මං හිතුවේ  උඹත් මගේ කණ්ඩායමටම සිලෙක්ට් වෙයි කියල ..''



"අයියෝ එක කමක් බන් ..කොහොමත් එක ඉස්කොලෙනේ අපි ඉන්නේ මේ කණ්ඩායම එක දවසකට විතරයි බෙදෙන්නේ ..ඒත් යාලුවෝ ජිවිත කළෙම එකට ඉන්නවා ... කණ්ඩායමේත් අලුත් යාලුවෝ ටිකක් හම්බවෙයිනේ ...එක නෙමෙයි හිරු මොන හවුස්    එකේද "



"ආආආ මොකෝ එය ගැන අහන්නේ  මෙයා .... "



"එහෙම දෙයක් නෙමෙයි මාධව ක්ලාස්  එකේ හැමෝම හොඳට යාලුයි මාත් එක්ක දැන් ..ඒත් හිරු තාමත් මාත් එක්ක කතා කරන්නේ නෑ ... ඇයි කියන්න දන්නෙත් නෑ මචන් මම ...ආඩම්බර පාටක් නම් පේන්නත් නෑ ...අහිංසකයි වගේ ..ඒත් තවමත් හරියට වචනයක් කතා කලේ නැනේ "


"අෆ්ෆා මෙයා හිතල තියෙන දුර ...

හිතට දුකයි සහෝදරයා ..

ඕව ඔහොම තමයි මුලදී මුලදී ....ඉවසමු මස්සිනා ඉවසමු .....ඔන්න  එහෙනම් මාත් දෙන්නම්කො හෙල්ප් එකක් "



"උඹට නම් විකාර ..

මං කිව්වේ එහෙම එකක් නෙමෙයි බන් මම ඇහුවේ වෙන එයා   කතා කරනවනේ ඇයි එයා විතරක් කතා කරන්නැත්තේ කියල "



"ඉතින් උඹ හිතපන් පොඩ්ඩක් උඹ එක්ක හැමෝම කතා කරනවා ..ඒත් එයා කතා කරන්නේ නෑ ...



ඒත් උඹේ අතින් එයට වැරද්දක් වෙලත් නෑ ..කිසිම ප්රශ්නයක් වෙලා නැත්නම් ඇයි එයා කතා නොකරන්නේ ?? කෙල්ල උඹ ගැන හිතනවා වගේ මට පේන විදියට ....

නැත්නම් එයා එහෙම ආඩම්බර කෙනෙක් නෙමෙයි බන් මං දන්න කලේ ඉඳලම කෙල්ල හරිම හොදයි මේ ඉස්කෝලේ ඉන්න අනිත් හැම කෙල්ලෙක්ටම වඩා හිත හොද කෙල්ල ..

කවදාවත් එක වචනයක් හිත රිදෙන්න කියන්නේ නෑ යාලුවෙක්ට උනත් ...

අපි බලමුකෝ මස්සිනා "





මාධව හිරු ගැන ලොකු  ජිවන දර්ශනයක් දුන්නා ..


කියපු දේවල් හොදටම ඇති කෙල්ල කව්ද කියල හිතාගන්න ඕනෑම කෙනෙක්ට .....හිරාන් දිගටම කල්පනා කලේ හිරු ගැන ...කතාවෙන් කතාව හිරාන් හිරු ගැන කොච්චර දුරට හිතුවද කියනවා නම් අඩුම ගැනේ හිරාන්ට හිරු ඉන්නේ මොන නිවාසයේද කියලවත් අහගන්න අමතක උනා ..... 









^^^^........මාධව හිරු හිරාන් අදර කතාව මුල පුරාවිද .........^^^^







 මීළඟ කොටසින් හමුවෙමු......




සැකසුම :- මධු ලියනගේ (මියුසික් එෆ්එම්)

අපේ
මියුසික් එෆ්එම් ගෘප් එකට ගිහිල්ලත් මේ කතාව කියවන්න පුලුවන්..... ''මියුසික් එෆ්එම් ගෘප්''


 
Music Fm © 2011 Design by Music Fm | All Music