Facebook Twitter Google+ Youtube Feed
­
This is an example of a HTML caption with a link.
Showing posts with label Roshan Fernando. Show all posts
Showing posts with label Roshan Fernando. Show all posts

Oya Nisa Handala Mage Asuth Riduna - Roshan Fernando

0 comments



ඔයා නිසා හඬලා
මගේ ඇසුත් රිදුනා
තරහා වෙලා.. හැර ගියදා
පාලුවේ උන්නේ
වේදනා දැනුනේ...

සිහිකරලා ඔබ ගැන මා හඩලා
තව මට නෑ සැනසිල්ලක් ලැබිලා
පෙම බිදලා ඔබ ගියදා ඉදලා
තනිවීලා ඉන්නේ සැමදා

ඔයා නිසා හඬලා...

සෙනෙහස මා මද සුළගක් කරලා
පා කෙරුවා එන ලෙස ඔබ සොයලා
සුසුමක් වී ඒ සුළගේ එතිලා
එනු මැනවී මා හා බැදිලා
මා හා බැදිලා

ඔයා නිසා හඬලා......
ගායනය :- රොෂාන් ප්‍රනාන්දු





Download Mp3 Click Here






Duka Danne Wena Kauda As Deka Tharam – Roshan Fernando

0 comments



දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නේ ඔබේ වෙන්න අත් දෙක අරන්
එනමුත් අපේ කරුමෙක්කල තවත්
සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක්
දුක දන්නේ වෙන කවුද කවුද ඇස් දෙක තරම්

හැරයන්න ආදරයේ නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇති කර ගැටුම්//
වැලපෙන්න බැරි හිතට මේ හැටි රිඳුම්
පෑහෙන්නේ නෑ වැරදිකාරියෙ ඉතින්
දුක දන්නේ වෙන කවුද ඇස්දෙක තරම්

ඝනදුරට පෙම් බඳින තරු යායට
මල්යාය විකසිත වෙලා කුමකට//
මං ආයේ හිනැහෙන්න උරමඩලට
ලං වෙන්නේ නෑ කඳුළු පුජා කර

ගායනය : රොෂාන් ප්‍රනාන්දු






Pin Pata As - Roshan Fernando

0 comments



පිං පාට ඇස් එක්ක

රන් පාට සඳ එළිය
ඇවිදින්න රහසින් කතා
සපුරාම තහනම්ද
මේ මොහොත අද්දරට
අතුරන්න සෙවනැලි රටා
පිනි සීත උදුරන්න
ලග පාත දැවටෙද්දි
දඟකාර සුළඟක් හමා
මේ හාදකම් මොටද
නන්නාදුනන සුළඟ
කරගාව කෙහෙරැලි වටා


හොරැහින් බලා රතු පාට සාරිය දිහා
ආඩම්බරේ......නිල් දෑස දෝරේ ගලා
කොච්චර හෙමින් ආව කාලයද මේ
ඇල්මේ දුවයි අපි දමා


විශ්වය නෙලා මා ගාව තැබුවා වගේ
අදහන්න බෑ.....කිමිදෙන්නෙ රහසක් නොවේ
බැල්මක ලියා තියෙන පද පේලියේ
සිර ගතව මම රාත්‍රියේ
පිං පාට ඇස් එක්ක
රන් පාට සඳ එළිය
ඇවිදින්න රහසින් කතා
සපුරාම තහනම්ද
මේ මොහොත අද්දරට
අතුරන්න සෙවනැලි රටා
පිනි සීත උදුරන්න
ලග පාත දැවටෙද්දි
දඟකාර සුළඟක් හමා
මේ හාදකම් මොටද
නන්නාදුනන සුළඟ
කරගාව කෙහෙරැලි වටා


ගායනය : රොෂාන් ප්‍රනාන්දු

සිංදුව අහන්න




Me Mal Mawathe Oba Soyala Diwa Ennam - Roshan Fernando

0 comments



මේ මල් මාවතේ ඔබ සොයලා දිව එන්නම්
හදේ පිවිතුරු ආදරේ ඔබට සදා පුද දෙන්නම්
මේ මල් මාවතේ ඔබ සොයලා දිව එන්නම්
හදේ පිවිතුරු ආදරේ ඔබට සදා පුද දෙන්නම්


ඔබ ගැන මම සිතුවා මුළු රෑ නිදි වැරුවා
ඔබ ගැන මම සිතුවා මුළු රෑ නිදි වැරුවා
දහසක් පැතුමන් සිත තුල සිරවීලා
පවසන්නේ ඇත්තමයි ඔබට මම ආදරෙයි
පවසන්නේ ඇත්තමයි ඔබට මමආදරෙයි
මේ මල් මාවතේ ඔබ සොයලා දිව එන්නම්
හදේ පිවිතුරු ආදරේ ඔබට සදා පුද දෙන්නම්


දෙව් විමනින් බැස ආ දෙව්ලියකැයි සිතුවා
දෙව් විමනින් බැස ආ දෙව්ලියකැයි සිතුවා
ඔබ හැර කිසිදා යන්නට නම් බැරුවා
පවසන්නේ ඇත්තමයි ඔබට මං ආදරෙයි
පවසන්නේ ඇත්තමයි ඔබට මං ආදරෙයි
මේ මල් මාවතේ ඔබ සොයලා දිව එන්නම්
හදේ පිවිතුරු ආදරේ ඔබට සදා පුද දෙන්නම්


ගායනය : රොෂාන් ප්‍රනාන්දු


සිංදුව අහන්න

Dumriya Pola - Roshan Fernando

0 comments

Dumriyapola





















හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රියපොළ පෙම්වතුන්ගෙ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මඟ බලයි හැමදින


මලක නැවුම් සුවඳ පිරුන සොඳුරු මඳ නල
ඔබ ගැන තොරතුරු විමසයි මඟදි හමුවෙන
සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
ඔබ සැගවී ගිහින් මගේ හිතත් අරගෙන
ඔබ සැගවී ගිහින් මගේ හිතත් අරගෙන
හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රියපොළ පෙම්වතුන්ගෙ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මඟ බලයි හැමදින


නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉන්න කඳුළට
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොදටම
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොදටම
හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රියපොළ පෙම්වතුන්ගෙ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මඟ බලයි හැමදින.....//


ගායනය: රොෂාන් ප්‍රනාන්දු

Oba Malak Suwada Malak - Roshan Fernando

0 comments

ඔබ මලක් සුවඳ මලක්

ඔබ මලක් සුවඳ මලක්
මට නෙළා ගන්න නැතත්
එහි සුවඳ විදිමි තවත්
එහි සුවඳ විදිමි තවත්
ඔබ මලක් සුවඳ මලක්...

මා ඔබට පෙම් කලේ පිරිසිදු සිතින්

ඔබේ රුවට වඩා සුවඳට හිත ගිහින්
ඒ සුවඳ හොරෙන් ඇවිත්
ඔබෙ රුව මතකෙට ගෙනේ...
හරිම හෙමින්...

ඔබ තලා පෙලන්නෑ මා රුදු සිතින්

විෂ බඹර තුඩක පහසට නතු කරන්
දුර ඈත ඉඳන් බලන්
මම සැනසෙන්නම් ඉතින්...
ඔබ නමින්...

ඔබ මලක් සුවඳ මලක්

මට නෙළා ගන්න නැතත්
එහි සුවඳ විදිමි තවත්
එහි සුවඳ විදිමි තවත්
ඔබ මලක් සුවඳ මලක්

Mp3 අහන්න ---->

Supem Suwadak Aran Awith Sulagak Lesin - Roshan Fernando

0 comments

සුපෙම් සුවදක් අරං ඇවිත් සුලගක් ලෙසින්...
සදා රැදෙමු සිතේ ඔබයි මගේ ජීවිතේ...
සිනා අහුරක් අරං නැවුම් පැතුමක් ලෙසින්...
සදා රැදෙමු සිතේ ඔබයි මගේ ජීවිතේ...
 
පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා...
හිදින්නම් සෑමදා ලගින් මියෙනා තුරා...
ඔබේ සෙවනට වෙලා දෙපා ලග නැවතිලා...
රැදී ඉන්නම් සදා හදින් සෙනෙහස පුදා...

ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා...
පිරී සිත සැනසුනා හදේ සෙනෙහස නිසා...
බැතින් දෙනුවන් පුරා ඇවිත් සසරේ සරා... 
හිතේ නැවතුනු නිසා මමත් ඔබගෙයි සදා...

 
Music Fm © 2011 Design by Music Fm | All Music