Facebook Twitter Google+ Youtube Feed
­

Dedunu Patai Muhuna Obe - Rukantha & Chandralekha Perera



දේදුනු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනලියේ
මුල් වර දුටු දින සිත ගත්තේ එකයි සමනලියේ
අරුනොදේ සුව දේ

මල් වැල මී බිදු වැහෙන්නේ ඔබටයි මල් කුමාරෝ
සීතල පිනි මත ඇවිදින්නේ ඔබටයි රන් බබරෝ
මේ යාමේ හමුවී එක වීලා ලං වීලා සැනසී

වරල ඔබේ අද හැලෙනා ඇල්ල වගේ
සුවද ඔබේ චන්දන අරණ වගේ

ආදර ලෝකෙට පායන සද ලෙස ඔබේ වත දිලිසෙන්නේ
සාගර ජලයට වඩා වැඩි මට ආදරේ ඔබට ප්‍රියේ
ආදරේ ඔබට ප්‍රියේ

කීව කතා ඔබ මා ගැන සිහි වෙනවා
ප්‍රේම ලොවේ මම අහසේ පියබනවා

ඔබ ඇත ගන්නට සෙනෙහස දෙන්නට මගේ සිත ලතවෙනවා
ඔබ සනසන්නට සුව කැන්දන්නට මා හනිකට එනවා
ලදුනේ මා හනිකට එනවා



0 comments:

Post a Comment

 
Music Fm © 2011 Design by Music Fm | All Music