නොබලන් කුමරිය නිසසල මා දෙස
සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා ලොව
කළඹනු නොහැක ඉතිං
ළඳකගේ සෙනෙහස නොපතමි කිසිදා
නිදහස අගයන්නෙම්
නුරා පිරුනු නෙතු වෙනතක දල්වා
සමුගත මැනවි ඉතිං
සුපුරුදු තනිකම පාළුව මිහිරියි
හිදිනෙමි සැනසිල්ලෙන්
ආදර රැහැනින් මහඳ වෙලන්නට
ඔබ හට නොහැක ඉතිං
0 comments:
Post a Comment