Facebook Twitter Google+ Youtube Feed
­
This is an example of a HTML caption with a link.

Ea Neela Warala Peerala - Danapala Udawatta

0 comments



ඈ නීල වරල පීරලා
ඈ යන ගමන හැඩ වෙලා
ගම්මානේ මිහිරියාව ගමම එළි කළා
පුන්සඳ රැස් කැළුම් හෙලා
ඈ සුර දෙව්ලියක් වෙලා
සුසුම් නටයි පවන් සල සලා
සුරංගනාවී..සුරංගනාවී..සුපෙම්බරාවී
ගම්බද විලාසිතාවී

වසන්ත සමය ළංවෙලා
කෝකිල නදින් මත්වෙලා
සිසිල් සුළං යාවී පාවෙලා
දඟ පුළුලුකුල සල සලා
ඈ මඟ යන්නේ හිනහිලා
නිල් නෙත් යුඟ මහද මත් කළා

හැඩවැඩ ගමන ලලිත වේ
ඔබ මුළු ගමට මැණික වේ
සිනහා මුවින් හදක් සැනසුවේ
සාමය සතුට රැදි ලොවේ
කුමරිය ඔබ සිතේ මැවේ
නොබලා හදවත දුකින් තැවේ
ලස්සන මල් කුමාරියේ
ගම එළිකල මනාලියේ
ඔබ දුටු මගේ හද පිනා ගියේ
සුර ලෝකේ සුරඟනාවියේ
මගේ හද දිනු දයාවියේ
සිරි දෙව් දුව ඔබ ප්‍රියාවියේ

ඈ නීල වරල පීරලා
ඈ යන ගමන හැඩ වෙලා
ගම්මානේ මිහිරියාව ගමම එළි කළා
පුන්සඳ රැස් කැළුම් හෙලා
ඈ සුර දෙව්ලියක් වෙලා
සුසුම් නටයි පවන් සල සලා
සුරංගනාවී..සුරංගනාවී..සුපෙම්බරාවී
ගම්බද විලාසිතාවී

 
Music Fm © 2011 Design by Music Fm | All Music