Facebook Twitter Google+ Youtube Feed
­
This is an example of a HTML caption with a link.

Ran Samanalayo Theme Song - BNS

0 comments



තුරුල් වෙන්න ආසයි හැන්දෑවේ - ඉගිල්ලෙන්න ඇත්නම් ආකාසේ
හිතින් පෙම් කලා මං ඔබ දන්නෑනේ - රෑයේ සිහිනයෙන් මා ලං වුනාවේ

ඉවසන්න බෑ හද ගින්න මාගේ - පවසන්න කෝ ඔබේ ආදරේ....//
හිතුවක්කාරී යන්න එපා දැන් - ආදරේයි සැමදා මං ආදරේයි

තුරුල් වෙන්න ආසයි හැන්දෑවේ ...............

නෙතු කැන් ආනන්දේ - ඇයි ඔබ ඔරවන්නේ
තනිකම වදදෙන්නේ - ඔබේ ආදරේ

උහුලන්න බෑ ඔය කැල්ම දෑසේ - ඉගිලෙන්නකෝ හද මන්දිරේ......//
හිතුවක්කාරී යන්න එපා දැන් - ආදරෙයි සැමදා මං ආදරේයි

තුරුල් වෙන්න ආසයි හැන්දෑවේ ......
නෙතු කැන් ආනන්දේ...........


Download Mp3 Here



ගායනය :- භාතිය / සන්තුෂ්

Hathara Kendare - Shihan Mihiranga

0 comments



හතර කේන්දරේ පාලු කියලා නුඹ ළඟදී
දැනුනේ නෑ මට නම් පාලූ
ග්‍රහයෝ නතුවාලු නුඹගේ නිසි පරිදී
මට නම් නෑ ඔබේ අඩු පාළු

මේ දුරු ගමනේ මගෙ දෑතේ වෙලිලා
භවයේ සැරිසරා එක්වෙලා
පෙම් දිවි සටනේ නොයමී පැරදිලා
මම නුඹ ගත්තෙමි දිවුරා

දුර අහසේ තාරකා ඇයිදෝ නුඹව තනි කරලා //
මල් වැල් ගොතා ඔබේ දෙවුරේ හොවා
රැක ගන්නේ මගේ ප්‍රාණයෙන්
ග්‍රහදොස් මකා මා ප්‍රේමයේ දොවා
නුඹ ඉන්නේ සදා මා ලඟින්

හතර කේන්දරේ පාලුයි කියලා..................

පින් පෙත් පුරණා සදනා ලෝකයක්
දැක්කා නුඹගේ දෑසේ මා
එක්වී ගෙවනා හැම මොහොතක් පාසා
නුඹගේ තුරුලේ හිඳීමී මා



Mp3 Download Here





ගායනය - ශිහාන් මිහිරංග
පද රචනය -  මනුරංග විජේසේකර
සංගීතය - චරිත අතලගේ

Me as diha balan - Shihan Mihiranga

0 comments



මේ ඇස් දිහා බලන්
දැන් වත් කියන්න මගේ රත්තරන්
ඔබ මගේද මා ඔබේද අපි අපේද කියලා....
දැන් වත් කියන්න මගේ රත්තරන්

පැහැදුල් නුවන් දල්වා මා දෙසට පා කරලා
හද ගැස්ම මග නවතා දෙහදක් ගොළුව උන්නා
ඔබේ සෙනෙහෙ මග රැඳුනේ ඇයි සංසාරයේ
මේ බවයේ මා වෙනුවෙන් ඔබ මැව්වේ.....
දැන් වත් කියන්න මගේ රත්තරන්

මේ ඇස් දිහා බලන් .......

කඳුලැල් නෙතින් පලවා පැතුමන් සිතේ තනි බින්ඳා
සිල් ගත්තු සිත සඟවා ඔබේ දෑත වෙත අත පෑවා
ඔබේ සෙනෙහෙ මග රැඳුනේ ඇයි සංසාරයේ
මේ බවයේ මා වෙනුවෙන් ඔබ මැව්වේ.....
දැන් වත් කියන්න මගේ රත්තරන්

මේ ඇස් දිහා බලන් ...



Mp3 Download Here


ගායනය - ශිහාන් මිහිරංග
පද රචනය - දිලාන් ගමගේ
සංගීතය - රදීශ් වැන්දබෝන

Ninda nathi Raye - Gunadasa Kapuge

0 comments



නින්ද නැති රැයේ සඳ කදුළු මීදුමේ
හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ
වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ

කිළිපොලා සැලී යමින් නොහිම් සීතලේ
තුරැළු වෙමි දෙනෙත් පියා ඔ‍බගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදිවී යා යුතුව තිබේ

නින්ද නැති රැයේ........

රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේසිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ

නින්ද නැති රැයේ........



ගායනය -  ගුණදාස කපුගේ
පද රචනය - රත්න ශ්‍රී ගමගේ
සංගීතය - 
ගුණදාස කපුගේ

Mp3 Download Here

Bithu Sithuwam Ru Men Pewathee - Lakshman Hewavitharana/ Gunadasa Kapuge

1 comments



බිතු සිතුවම් රූ මෙන් පැවතී
හිත මිතුරන් විරසක නොවෙතී//
එක මලකට පෙම් බැන්ද පවින්
මිතුරු දමින් සමු ගමුද ඉතින්
හෙවනැල්ලෙන් සමු ගමුද ඉතින්

මල කීවේ නෑ මට ඔබ පෙම් කල වග
කීවානම් මා පෙම් කරන්නෙ නෑ තව
මොටදෝ පෙමකට සොහොයුරු දම් බිඳ
අප දෙන්නා සමුගත යුතු නැහැනේ

බිතු සිතුවම්...............

මලට කියන්නම් මා පෙම් නොකරන වග
සමාවෙයන් මට ඕනෑ මිතු දම
ඇගෙ පෙම ජයගෙන සතුටින් ඉනුමැන
මා නම් හිත රිදවන්නේ නෑ

බිතු සිතුවම්...............

ගායනය :- ගුණදාස කපුගේ/ ලක්ෂ්මන් හේවාවිතාරන

Sitha Handai - Nirosha Virajini

0 comments



සිත හඬයි මා තනිවී 

මා දවාලයි මේ ශෝකේ ආදරයෙන් මා ලැබුවේ
කඳුලු පමණද මේ ලෝකේ
කඳුලු පමණද මේ ලෝකේ 


ඔබගෙ සුරත ගෙන සයුරු තෙරේ හිඳ
දිනක සීත සැන්දෑවේ
හැඬුව අයුරු මට අඳුරු සිතුවමකි
තාම හැඬුනු මා දෑසේ සිහිනයක්ම මායාවේ


ඇයිද මා මුලාවේ තනිකලේ වියෝගේ
සෑමදා ප්‍රියේ මා ඔබට ආදරේ ඔබට ආදරේ
ඉන්න බෑ ලඟ ඉතින් සතුට හිමි නෑ සිතට මගේ
ඇයිද මගේ රත්තරනේ දිවිය අද මේ අඳුරු කලේ
දිවිය අද මේ අඳුරු කලේ

ඔබගෙ සුවඳ මට තවම දැනෙනවා
පාළු සීත රෑ යාමේ
ඈත කොහෙද ඔබ දෑසෙ දසුන හැර
සිහිනයක්ව වෙන්වුයේ ආදරේට පිටුපෑවේ


සඳට අහස වාගේ මලට සුවඳ වාගේ
සෑමදා ප්‍රියේ මා ඔබට ආදරේ ඔබට ආදරේසිත හඬයි.....

ගායනය : නිරෝෂා විරාජිනී

Download the Remake Click Here





Mathakada Handawe - Raini Charuka Gunathilaka

1 comments



අහසේ තරු කැන් ඉහිලා දුකකින් වගේ

අඳුරේ හෑඬුවා රහසේ
තනිකම ඉහිලුම් නොදේ
ගිලුනා හද මා අඳුරේ


ඔබ පෙරදා ආදරේන්
මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ


මතකද හැන්දෑවේ අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා //


තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා
මනරම් හෑඟුම් දහස සොඳුරේ ඔබමය සැමදා
ඔබ පෙරදා ආදරෙන් මා ලඟින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ


මතකද හැන්දෑවේ............//




සුසුමේ වෙලී උණුසුම් වෙවී
වස්සානයේ අප ළං වූ හැටී
හිරිමල් හිතේ හීනයක් වගේ
හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ




ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේමතකද හැන්දෑවේ .....


ගායනය : රයිනි චාරුකා





Dekopul Kandulin Thema - Lahiru Perera

0 comments



දෙකොපුල් කඳුලින් තෙමා

තොල්පෙති නළලත තබා

නික්මුණ දා හිස සිඹ මා

ලතැවෙමි රෑ තුන්යාමේ

සුහදිනියේ

මින් පෙරදී අපි මේ වගේ
වෙන්වී යන්නට ඇති
මේ කඳුළු ගංගා ඉමේ
කොතැනක හෝ
මගේ ජීවිතේ ඉකිබිඳී
ඔබෙ දෙනෙත් යලි යලි සොයයි
අපි පතා ආවා වගේ
වෙන්වී යයි

ඔබ පපුතුරේ මා හිදී
මගේ පපුතුරේ ඔබ හිදී
ලංවෙන්න වෙන්නේ නම් නෑ
සුහදිනියේ

දෙකොපුල් කඳුලින් තෙමා....................


සුදු සිනිඳු මල් පෙති වගේ
ගිලිහී යන්නට ඇති
මුදු සුවඳ දැනෙනා ඉමේ
දෙතැන පිපී
හමුවීම ප්‍රේමය නොවේ
වෙන්වීම ප්‍රේමය වඩයි
අපි පතා ආවා වගේ
වෙන්වී යයි

ඔබේ සිහිනවල මා හිඳී
මගේ සිහිනවල ඔබ හිඳී
එය පියවි ලෝකය නොවේ
සුහදිනියේ


දෙකොපුල් කඳුලින් තෙමා...

ගායනය :- ලහිරු පෙරේරා



හිරු තනි වෙලා - පළමුවන කොටස

0 comments



"හිරූ...."

හැරිලා  බලන්න  උවමනාවක්  තිබුනේ නෑ...

හිරූ දන්නවා  මේනු බව ..1 වසරේ  ඉදන්  ඇගේ දුකට සැපට ලගින් උන්න එකම යාළුවාගේ කටහඩ අමුතුවෙන් අදුරගන්න ඕන කමක් උනේ නෑ හිරූ ..


"හිනාවෙන්න  හිරූ..මම  ලගින්  ඉන්නවා  හැමදාම "....


මහා  මෙරකට  වගේ  කදුලක්   වැටුනේ  හරියට  වහින්න  ලං  වෙලා  තිබුණු  අහස  වගේ .......



                                                 **********************


හිරුණි සේයා සූරියාරච්චි, සමන් සූරියාරච්චි ටත් ප්‍රියංකා සූරියරච්චිටත් කුලුඳුලේ ඉපදුනු පුංචි දු සිගිත්ත.... ...

සීතලත් නැති දාඩියත් නැති දවසක සමන් කියන අහිංසක තාත්තාට ඉදපු තමන්ගේ දයාබර  බිරිඳගෙන් ලැබුණු ජිවිතේ වාසනාවන්තම තෑග්ග තමයි හිරූ .....

එදා උදේ පාන්දර සීතලෙන් පිරුණු උදයකුත් මද්දහන වෙද්දී පුදුමාකාර රස්නයකුත් තිබුණු වෙලාවක ඉපදුනු දු පොඩිත්ත දැකපු ගමන් සමන්ට හිතුනේ හිරුණි කියන නම .....එදා සමන්ටත් ප්රියංකා ටත් දැනුනු විදියට  හිරුණි සේයා සූරියාරච්චි කියල ලස්සන හුරතල් නමක් දැම්මා....

එදා ඉදන් දෙන්නගේ ආදරේ උණුහුම විදිමින් මේ කෙලි පොඩිත්ත හැදුනේ සුරංගනාවක් වගේ .....අම්මයි තාත්තයි හිරූ හරියට ආදරේ කලා.... වගේමයි හිරූ ත්...දන්නා කියන කලේ ඉදලම හිරූ ජීවිතේදී අඩපු දවසක් තිබුනේ නෑ ...

හිරූ ගේ අම්මයි තාත්තයි කවදාවත් හිරූ ගේ ඇස් දෙකෙන් කදුලක් ගලන්න ඉඩ දුන්නේ නෑ .....


කාලයත්
එක්ක ඇය ලොකු මහත් වෙද්දී සමනුත් ප්රියංකාත්  දිහා අසාවෙන් බලන් හිටියා...සමන් ඇයව ලස්සනට තියන්න නොවිදින දුක් වින්දා ....ප්රියංකා ගෙදර ඉඳන් හිරූ එක්ක ඇගේ තනි නොතනියට හිටියා......
....

ටිකෙන් ටික කාලය ගත වෙලා ගිහින් හිරූ පාසල් කාලයත් අවසන් කලේ ඇසි පියන ගහන වේගයෙන් වගේ ..එත් තාමත් අම්මටයි තාත්තටයි හිරූ පුංචි දුවෙක් .....


එදා ...... හිරූ ගේ පාසල් ජිවිතේ අන්තිම දවස් .....උසස් පෙළ විභාගයට අයදුම්පත් දාන්න හැමෝම ඉස්කෝලෙට ආවේ මාසයක අධ්යන නිවාඩුවකට පස්සේ .......




හය  හතර  දන්නා  කලේ  ඉදන්ම  හිරූ  ආවේ  මේ  ඉස්කෝලෙට.. ... ගුරුවරුන්  ගෙන්  බැනුම්  අහල  සමහර  වෙලාවට  ඔලුව  රත්   වෙන්න  ටොකුත්  කාල  මේ කෙල්ලෝ ටික  හිනා  වෙලා  අවරුදු  13ක්ම  හිටිය  ඉස්කෝලෙට අද  සමු   දෙන්න  වෙලාව  ඇවිත්......


ජිවිතේ  පුංචි  පුංචි  දේවල්  වලට  වත්  ආදරේ  කරන්න  ලෝබ කම්  කරන්න  එපා  කියල  බුදු  සාදු  කියල දුන්නට  එච්චර  ලොකු  දේවල්  කරන්න  මේ  පුංචි  හි ත් වලට  බෑ.... සාමාන්  පෙළ  වෙනකන්ම  එකටම  ඉදපු  යාලුවෝ  4 දෙන  උසස්  පෙළ  කරන්න  වෙන්  උනත්   හිත්  හැමදාම  එකට  බැදිලා තිබුන..... හරියට  සංසාර  පුරුද්දකට  වගේ  .....

4 දෙනාගෙන්  එක්කෙනෙක්  ආවේ  නැති  උනොත්  එදාට අනිත්  3  දෙනාට  කෑවේ   නෑ වගේ  ....හැමදාම  උදේට  උණු  උණුවේ  මන්දාරා  ගෙන  ඉදි  ආප්ප  එක කන්න හිරූ ලා  හැමදාම    අසාවෙන් ආවා.....

                                                             ******************



"මන්දාරා ..... මොකද  මේ  හිනාව "

 පාසලේ ගිණුම්කරණය  උගන්නපු  ටීචර් .......  මොන  දේ  කිව්වත්  මහා  හිය්යෙන්    හිනා  වෙන්න හැමදාමත්  මන්දාරා    පුරුදු  වෙලා  හිටිය ..  මේ   හින්දම  ගොඩක්  දවස් වලට  නිකරුනේ බැනුම්  අහල  හිත රිදොගත්තු  දවස්  අනන්තයි ..

අයෙත්   දවසක  


"උගන්නන  වෙලාවේ  කෑම කන්න  කියල  දුන්නේ  කව්ද  ඔයාලට ......හ්ම්ම්  නැගිටිනවා  හතරදෙනාම .නැගිටලා  ඉස්සරහට  ගිහින්  හිටගෙන  කෑම  එක  කන්න "

වස  ලැජ්ජාවයි  ඉතින් .... මොනවා කරන්නද කට්ටිය  ඉස්සරහට ගිහින්  ඔක්කොම කෑම ටික රස බැලුවා





මන්දාරා ගේ  රසම  රස  ඉදි ආප්ප  එක  කන්න  තිබුනේ    තරම්  ආසාවක්  ...

කොච්චර   මිහිරි  මතක  මැදින්  උනත්  අමිහිරි  මතක  එකක්  දෙකක්  තියෙනවා  මේ  තරම්  ආදරේ කරපු ඉස්කෝලේ  ඇතුලෙත් ...


උසස්  පෙළ  පන්තියට  අලුතෙන් ළමයි අරගත්තු දවසේ .....
අලුතෙන්  ආපු  හැම  ළමයෙක්වම  පන්ති  දෙකට බෙදල  ඉවර  උනාම දුවගෙන  දුවගෙන  ආපු  පිරිමි ළමයා... අනේ  පව්  හති  දාගෙන  දුවගෙන  ඇවිත්  මුළු  පන්තියේම නොන්ඩි හිනාවකට ලක් උනත්   ළමයට හැමෝම ලෙන්ගතු උනා .....


" මේ මොකද මේ ...මුලින්ම එන දවසෙත් පරක්කු වෙලානේ මේ ළමයා .දැන් ඔක්කොම ළමයි ටික පන්ති දෙකට බෙදලත් ඉවරයි ඇයි පරක්කු උනේ ඔයා?? "


"මිස්  සමාවෙන්න  මි..ස්   එනකොට  වාහනේ  කැඩුන .. ඒකයි  පරක්කු  උනේ මිස්  ......"


මෙච්චර  වෙලා හිනා  උණු  ඔක්කොම  කොල්ලෝ  කෙල්ලෝ  ටික  හිනාව   නවත්තල  කළු  වලාකුලක්   පායපු  එයාගේ  මූණ  බැලුවා..... වැඩකුත් නැතුව වල්පල් දොඩමින් ඉඳපු  මේ  හතර  දෙනාත්  බැලුවා  කව්ද මේ කියල .....


ඇස්  දෙකේ වීදුරු බෝල වගේ ලොකු කරගෙන   ඉන්න  මේ  කොල්ල   ගැන  අනුකම්පා  හිතිලා  අපේ  මිසුත්,


"දැන් කමක් නෑ අපි බලමු ඔයාට දෙන්නේ මොන පන්තියද කියල ..ඔහොම ඉන්න චුට්ටක් මම බලන් ඇවිත් කියන්නම් පුතාට "


මෙච්චර  කල්  ඉස්කෝලේ  ආපු  එක  ළමයෙක්ට වත්  පුතා  නොකියපු අපේ  මිස්  මෙයාට  ආපු  ගමන් පුතාලු අනේ හනේ .....

ඔන්න  ඉතින්  මිසුත්  ගියපු ගමන්   ඔක්කොම  පිරිමි  ළමයි  ටික  අර  අහින්සකයව  වට  කරගෙන  රටේ නැති  ඒවා  කියනවා ..


 "මචන් ඇත්තටම උබ වාහනේ  කැඩුණුනිසාද නැත්නම් ලයින්  එකක් බලන්න ගියද "
පන්තියේ කටකාරම යාළුවා මලිත් ...

" බන් දැන් උබ අපේ පන්තියට වැටුනත් අනිත් එකට වැටුනත් මේ පන්තියේ ටික වෙලාවක් හරි ඉදපු නිසා අපිට  හෙට  පාටි   ඕන "

ඉන්න ලොකුම පාතාල ලොක්කා අපේ පන්තියේ ....හි හි ....

 ළමයට  හුස්ම  ගන්නවත්  ඉඩක්  නැතුව  අසරණ  විදියට  මූණ  බලන්  ඉන්නවා  දැකපු අපේ  කටකාරි  මන්දාරා ,

"අනේ  මෝඩයෝ  ටික  පැත්තකට  වෙලා  ඔය  ළමයට  පාඩුවේ  ඉන්න  දෙනවකො "


 "අනේ  ඔන්න  මෙයා  තමයි  අපේ  පන්තියේ  ඉන්න  ඉදි ආප්ප කෙල්ල හරිද  මචන් .. උබට ඕන වෙලාවක කියපන් උබට  ඉදි ආප්ප  ලොරියක්ම  හදල  දෙයි  මෙයා"

මන්දාර  ගේ කට  වැහුණා..ඇත්තම කිව්වොත්  කියන්න  වෙලාවක්  උනේ  නෑ  මිස්   වෙද්දීත්  පන්තියේ  දොර  ලග  නිසා ...

"පුතා  මේක  තමයි  ඔයාගේ  පන්තිය... හොදයි , ළමයි  මේ  ළමයටත්  වැඩි  වෙන්න  ඉඩක්  දෙන්න  එහෙනම් "

" .......ඊට කලින් මට කියන්න ඔයාගේ නම මොකද්ද කියලා"


"මම මිස් හි..රා..න් තේනුවර ..."






"හිරාන් !!!  "


හැමෝම එකටම වගේ කගපු සද්දෙට හිරූ ගේ හිත ගැස්සිලා ගියා.........

"ඒයි හිරූ අන්න හිරාන් කෙනෙක් ඇවිත් "

මේනු එහෙම කියලා කගහද්දී හිරූත් ගල් ගැහිලා වගේ බලන් හිටියා ........

      ***********************************



^^^^හිරාන් ,  හිරූ   කතා   කරයිද ...................^^^^

මීලග කොටසින් බලාපොරොත්තු වන්න ....



ඔන්න කට්ටියට කියවන්න කතාවේ පළමු වන කොටස දැම්මා..... ඊළඟ කොටස ලඟඳීම දෙනවා.... මේ කතාව ගැන කියවන ඔයාලට හිතෙන දේවල් කියන්න.......

අපේ මියුසික් එෆ්එම් ගෘප් එකට ගිහිල්ලත් මේ කතාව කියවන්න පුලුවන්..... ''මියුසික් එෆ්එම් ගෘප්''


 
Music Fm © 2011 Design by Music Fm | All Music