Facebook Twitter Google+ Youtube Feed
­

Dumriya Pola - Roshan Fernando

Dumriyapola





















හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රියපොළ පෙම්වතුන්ගෙ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මඟ බලයි හැමදින


මලක නැවුම් සුවඳ පිරුන සොඳුරු මඳ නල
ඔබ ගැන තොරතුරු විමසයි මඟදි හමුවෙන
සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
ඔබ සැගවී ගිහින් මගේ හිතත් අරගෙන
ඔබ සැගවී ගිහින් මගේ හිතත් අරගෙන
හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රියපොළ පෙම්වතුන්ගෙ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මඟ බලයි හැමදින


නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉන්න කඳුළට
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොදටම
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොදටම
හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රියපොළ පෙම්වතුන්ගෙ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මඟ බලයි හැමදින.....//


ගායනය: රොෂාන් ප්‍රනාන්දු

0 comments:

Post a Comment

 
Music Fm © 2011 Design by Music Fm | All Music