Facebook Twitter Google+ Youtube Feed
­

Pasal Bime Hamu Woo Sura Kumariye - Ajith Muthukumarana












පාසල් බිමේ හමුවූ සුර කුමරියේ
සිප් සතර සේ ඉඩදෙන් මට ඔබෙ ලයේ
සරසවි බිමේ මතුදා හමුවන දිනේ
නෙත් ඔය ලෙසේ නාරින් මට මඟ ප්‍රියේ

සටහන් පොතක් තුල සැඟවී හොරෙන්
මට ඉන්න ආසයි ඔබෙ ලය ලඟින්
සුදුමුදු ගවුමේ ඉඟවට රැලි සේ
දැවටෙන්න ආසයි ඔය බඳ වටින්
පාසල් බිමේ හමුවූ සුර කුමරියේ
සිප් සතර සේ ඉඩදෙන් මට ඔබෙ ලයේ
සරසවි බිමේ මතුදා හමුවන දිනේ
නෙත් ඔය ලෙසේ නාරින් මට මඟ ප්‍රියේ

පැනයන් රැසක් ලඟ පිලිතුරු ලෙසින්
පිට වෙන්න ආසයි ඔබෙ මුව තුලින්
රතැඟිලි අතරේ තෙලිතුඩ විලසේ
සිප ගන්න ආසයි ඔය මුදු ලවන්
පාසල් බිමේ හමුවූ සුර කුමරියේ
සිප් සතර සේ ඉඩදෙන් මට ඔබෙ ලයේ
සරසවි බිමේ මතුදා හමුවන දිනේ
නෙත් ඔය ලෙසේ නාරින් මට මඟ ප්‍රියේ


Mp3 එක මෙන්න..........

0 comments:

Post a Comment

 
Music Fm © 2011 Design by Music Fm | All Music