Facebook Twitter Google+ Youtube Feed
­

Ninda nathi Raye - Gunadasa Kapuge



නින්ද නැති රැයේ සඳ කදුළු මීදුමේ
හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ
වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ

කිළිපොලා සැලී යමින් නොහිම් සීතලේ
තුරැළු වෙමි දෙනෙත් පියා ඔ‍බගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදිවී යා යුතුව තිබේ

නින්ද නැති රැයේ........

රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේසිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ

නින්ද නැති රැයේ........



ගායනය -  ගුණදාස කපුගේ
පද රචනය - රත්න ශ්‍රී ගමගේ
සංගීතය - 
ගුණදාස කපුගේ

Mp3 Download Here

0 comments:

Post a Comment

 
Music Fm © 2011 Design by Music Fm | All Music