Facebook Twitter Google+ Youtube Feed
­
This is an example of a HTML caption with a link.
Showing posts with label Noel Raj. Show all posts
Showing posts with label Noel Raj. Show all posts

Mawa Amathaka Kalata - Noel Raj

0 comments



මාව අමතක කලාට
වෙන කෙනෙකු වෙත ගියාට
තාම ආදරේ ඔයාට
නෙතු සැරසෙයි කඳුලකට.....///

අප සිපගත් පළමු දිනේ දැන්
සිහිනයක් වෙලා
ඔබ ගැන මුළු ලොවටම කී දේ
මුසාවක් වෙලා
පිවිතුරු මගෙ සැමටම
විහිළුවක් වෙලා
අන්සතු වී ඔබ වෙන හදකට
සිසිලසක් වෙලා

මාව අමතක කලාට
වෙන කෙනෙකු වෙත ගියාට
තාම ආදරේ ඔයාට
නෙතු සැරසෙයි කඳුලකට.....///

ආදරයයි කඳුලයි සුසුමයි
හදට හිර කරන්
මම ඉන්නම් තාමත් ඔබ මගේ
පෙම්වති කියන්
සිත් බිඳිලා තනි වුණ මං වගේ
හඬන පෙම්වතුන්
ආදරයක් නැති වුණ කෙනෙකුට
සිනහා නොම වෙයන්

ගායනය :- නොයෙල් රාජ්




Lan Lan Wela - Noel Raj

0 comments



ලං ලං වලා සිතින් මා
හොර රහසේ ගොළු වෙලා
දැන දැනත් අහිමි බැව් මා පෙම් කලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන්වෙන්න බෑ මට පෙම් කල නිසා//

පැහැසර සිනාවෝ අද සුසුම් එවලා
හොර රහසේ ගියාදෝ මේ දෑස හඬවලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන්වෙන්න බෑ මට  පෙම් කල නිසා

දුප්පත් කතාවෝ ඇති ලයේ රැස් වෙලා
අහලා බලන්න ඒවා මතකද කියාලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගෙ උරුමේ
වෙන්වෙන්න බෑ මට  පෙම් කල නිසා

ගායනය :- නොයෙල් රාජ්





 
Music Fm © 2011 Design by Music Fm | All Music