Facebook Twitter Google+ Youtube Feed
­

Oba Magemai - Ranidu Lankage















උණුසුම් වු මේ කුරිරු ලොවේ
ඇයිද මා මේසේ තනිකෙරුවේ
මා ළය උණු වී හඬා වැටෙන විට
ඔබ වෙනතක දැන් බලාවිදෝ
දිවිය පුරා මා ඔබ රකිමී
මනුදම් ගුණදම් කියා දෙමි.
ඔබ මගෙමයි මා ඔබෙමයි
සසර පුරා අප සිටින තුරා


ගලා හැලෙන නිල් නදිය ඔබයි
දෝරෙ ගලායන සෙනෙහෙ ඔබයි
හිමිදිරි උදයේ සුවය ඔබයි
මගේ දිවියේ හිමිකාරි ඔබයි


අඳුරු වු මේ සැහැසි ලොවේ
ඔබයි මමයි අලෝකය වේ
ආදරයට ලෝකය හඬනා විට
ඔබයි මමයි වෙනතක යාදෝ


ගහකොළ ඇළදොළ අපේ තමයි
පුංචි පැටව් රැළ අපේ තමයි
මා මෙන් නුඹ මෙන් අපේ ලෝකයත්
රැකෙන්නේ අප රැකුනොත් පමණයි


ගායනය :- රනිඳු ලංකාගේ/ අශාන්ති


0 comments:

Post a Comment

 
Music Fm © 2011 Design by Music Fm | All Music