Facebook Twitter Google+ Youtube Feed
­

Sanda Renu Wahena - Prince Udaya Priyantha



















සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලඟින්
හද පිරුනු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්
සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ 
ඔබ ඉන්න මාගේ ලඟින්

පියවි ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
එනමුත් මගේ හදින් වෙන්වන්නෙ නෑ
දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ලඟින්

තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙ දෝ
ඔබ ගැන පැතූ සිතින් වැලපෙන්නෙ දෝ
කඳුළු හසරැල් පවා මසිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ලඟින්
සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලඟින්
හද පිරුනු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්

ගායනය : ප්‍රින්ස් උදයප්‍රියන්ත

0 comments:

Post a Comment

 
Music Fm © 2011 Design by Music Fm | All Music