Facebook Twitter Google+ Youtube Feed
­

හිරු තනි වෙලා - පළමුවන කොටස



"හිරූ...."

හැරිලා  බලන්න  උවමනාවක්  තිබුනේ නෑ...

හිරූ දන්නවා  මේනු බව ..1 වසරේ  ඉදන්  ඇගේ දුකට සැපට ලගින් උන්න එකම යාළුවාගේ කටහඩ අමුතුවෙන් අදුරගන්න ඕන කමක් උනේ නෑ හිරූ ..


"හිනාවෙන්න  හිරූ..මම  ලගින්  ඉන්නවා  හැමදාම "....


මහා  මෙරකට  වගේ  කදුලක්   වැටුනේ  හරියට  වහින්න  ලං  වෙලා  තිබුණු  අහස  වගේ .......



                                                 **********************


හිරුණි සේයා සූරියාරච්චි, සමන් සූරියාරච්චි ටත් ප්‍රියංකා සූරියරච්චිටත් කුලුඳුලේ ඉපදුනු පුංචි දු සිගිත්ත.... ...

සීතලත් නැති දාඩියත් නැති දවසක සමන් කියන අහිංසක තාත්තාට ඉදපු තමන්ගේ දයාබර  බිරිඳගෙන් ලැබුණු ජිවිතේ වාසනාවන්තම තෑග්ග තමයි හිරූ .....

එදා උදේ පාන්දර සීතලෙන් පිරුණු උදයකුත් මද්දහන වෙද්දී පුදුමාකාර රස්නයකුත් තිබුණු වෙලාවක ඉපදුනු දු පොඩිත්ත දැකපු ගමන් සමන්ට හිතුනේ හිරුණි කියන නම .....එදා සමන්ටත් ප්රියංකා ටත් දැනුනු විදියට  හිරුණි සේයා සූරියාරච්චි කියල ලස්සන හුරතල් නමක් දැම්මා....

එදා ඉදන් දෙන්නගේ ආදරේ උණුහුම විදිමින් මේ කෙලි පොඩිත්ත හැදුනේ සුරංගනාවක් වගේ .....අම්මයි තාත්තයි හිරූ හරියට ආදරේ කලා.... වගේමයි හිරූ ත්...දන්නා කියන කලේ ඉදලම හිරූ ජීවිතේදී අඩපු දවසක් තිබුනේ නෑ ...

හිරූ ගේ අම්මයි තාත්තයි කවදාවත් හිරූ ගේ ඇස් දෙකෙන් කදුලක් ගලන්න ඉඩ දුන්නේ නෑ .....


කාලයත්
එක්ක ඇය ලොකු මහත් වෙද්දී සමනුත් ප්රියංකාත්  දිහා අසාවෙන් බලන් හිටියා...සමන් ඇයව ලස්සනට තියන්න නොවිදින දුක් වින්දා ....ප්රියංකා ගෙදර ඉඳන් හිරූ එක්ක ඇගේ තනි නොතනියට හිටියා......
....

ටිකෙන් ටික කාලය ගත වෙලා ගිහින් හිරූ පාසල් කාලයත් අවසන් කලේ ඇසි පියන ගහන වේගයෙන් වගේ ..එත් තාමත් අම්මටයි තාත්තටයි හිරූ පුංචි දුවෙක් .....


එදා ...... හිරූ ගේ පාසල් ජිවිතේ අන්තිම දවස් .....උසස් පෙළ විභාගයට අයදුම්පත් දාන්න හැමෝම ඉස්කෝලෙට ආවේ මාසයක අධ්යන නිවාඩුවකට පස්සේ .......




හය  හතර  දන්නා  කලේ  ඉදන්ම  හිරූ  ආවේ  මේ  ඉස්කෝලෙට.. ... ගුරුවරුන්  ගෙන්  බැනුම්  අහල  සමහර  වෙලාවට  ඔලුව  රත්   වෙන්න  ටොකුත්  කාල  මේ කෙල්ලෝ ටික  හිනා  වෙලා  අවරුදු  13ක්ම  හිටිය  ඉස්කෝලෙට අද  සමු   දෙන්න  වෙලාව  ඇවිත්......


ජිවිතේ  පුංචි  පුංචි  දේවල්  වලට  වත්  ආදරේ  කරන්න  ලෝබ කම්  කරන්න  එපා  කියල  බුදු  සාදු  කියල දුන්නට  එච්චර  ලොකු  දේවල්  කරන්න  මේ  පුංචි  හි ත් වලට  බෑ.... සාමාන්  පෙළ  වෙනකන්ම  එකටම  ඉදපු  යාලුවෝ  4 දෙන  උසස්  පෙළ  කරන්න  වෙන්  උනත්   හිත්  හැමදාම  එකට  බැදිලා තිබුන..... හරියට  සංසාර  පුරුද්දකට  වගේ  .....

4 දෙනාගෙන්  එක්කෙනෙක්  ආවේ  නැති  උනොත්  එදාට අනිත්  3  දෙනාට  කෑවේ   නෑ වගේ  ....හැමදාම  උදේට  උණු  උණුවේ  මන්දාරා  ගෙන  ඉදි  ආප්ප  එක කන්න හිරූ ලා  හැමදාම    අසාවෙන් ආවා.....

                                                             ******************



"මන්දාරා ..... මොකද  මේ  හිනාව "

 පාසලේ ගිණුම්කරණය  උගන්නපු  ටීචර් .......  මොන  දේ  කිව්වත්  මහා  හිය්යෙන්    හිනා  වෙන්න හැමදාමත්  මන්දාරා    පුරුදු  වෙලා  හිටිය ..  මේ   හින්දම  ගොඩක්  දවස් වලට  නිකරුනේ බැනුම්  අහල  හිත රිදොගත්තු  දවස්  අනන්තයි ..

අයෙත්   දවසක  


"උගන්නන  වෙලාවේ  කෑම කන්න  කියල  දුන්නේ  කව්ද  ඔයාලට ......හ්ම්ම්  නැගිටිනවා  හතරදෙනාම .නැගිටලා  ඉස්සරහට  ගිහින්  හිටගෙන  කෑම  එක  කන්න "

වස  ලැජ්ජාවයි  ඉතින් .... මොනවා කරන්නද කට්ටිය  ඉස්සරහට ගිහින්  ඔක්කොම කෑම ටික රස බැලුවා





මන්දාරා ගේ  රසම  රස  ඉදි ආප්ප  එක  කන්න  තිබුනේ    තරම්  ආසාවක්  ...

කොච්චර   මිහිරි  මතක  මැදින්  උනත්  අමිහිරි  මතක  එකක්  දෙකක්  තියෙනවා  මේ  තරම්  ආදරේ කරපු ඉස්කෝලේ  ඇතුලෙත් ...


උසස්  පෙළ  පන්තියට  අලුතෙන් ළමයි අරගත්තු දවසේ .....
අලුතෙන්  ආපු  හැම  ළමයෙක්වම  පන්ති  දෙකට බෙදල  ඉවර  උනාම දුවගෙන  දුවගෙන  ආපු  පිරිමි ළමයා... අනේ  පව්  හති  දාගෙන  දුවගෙන  ඇවිත්  මුළු  පන්තියේම නොන්ඩි හිනාවකට ලක් උනත්   ළමයට හැමෝම ලෙන්ගතු උනා .....


" මේ මොකද මේ ...මුලින්ම එන දවසෙත් පරක්කු වෙලානේ මේ ළමයා .දැන් ඔක්කොම ළමයි ටික පන්ති දෙකට බෙදලත් ඉවරයි ඇයි පරක්කු උනේ ඔයා?? "


"මිස්  සමාවෙන්න  මි..ස්   එනකොට  වාහනේ  කැඩුන .. ඒකයි  පරක්කු  උනේ මිස්  ......"


මෙච්චර  වෙලා හිනා  උණු  ඔක්කොම  කොල්ලෝ  කෙල්ලෝ  ටික  හිනාව   නවත්තල  කළු  වලාකුලක්   පායපු  එයාගේ  මූණ  බැලුවා..... වැඩකුත් නැතුව වල්පල් දොඩමින් ඉඳපු  මේ  හතර  දෙනාත්  බැලුවා  කව්ද මේ කියල .....


ඇස්  දෙකේ වීදුරු බෝල වගේ ලොකු කරගෙන   ඉන්න  මේ  කොල්ල   ගැන  අනුකම්පා  හිතිලා  අපේ  මිසුත්,


"දැන් කමක් නෑ අපි බලමු ඔයාට දෙන්නේ මොන පන්තියද කියල ..ඔහොම ඉන්න චුට්ටක් මම බලන් ඇවිත් කියන්නම් පුතාට "


මෙච්චර  කල්  ඉස්කෝලේ  ආපු  එක  ළමයෙක්ට වත්  පුතා  නොකියපු අපේ  මිස්  මෙයාට  ආපු  ගමන් පුතාලු අනේ හනේ .....

ඔන්න  ඉතින්  මිසුත්  ගියපු ගමන්   ඔක්කොම  පිරිමි  ළමයි  ටික  අර  අහින්සකයව  වට  කරගෙන  රටේ නැති  ඒවා  කියනවා ..


 "මචන් ඇත්තටම උබ වාහනේ  කැඩුණුනිසාද නැත්නම් ලයින්  එකක් බලන්න ගියද "
පන්තියේ කටකාරම යාළුවා මලිත් ...

" බන් දැන් උබ අපේ පන්තියට වැටුනත් අනිත් එකට වැටුනත් මේ පන්තියේ ටික වෙලාවක් හරි ඉදපු නිසා අපිට  හෙට  පාටි   ඕන "

ඉන්න ලොකුම පාතාල ලොක්කා අපේ පන්තියේ ....හි හි ....

 ළමයට  හුස්ම  ගන්නවත්  ඉඩක්  නැතුව  අසරණ  විදියට  මූණ  බලන්  ඉන්නවා  දැකපු අපේ  කටකාරි  මන්දාරා ,

"අනේ  මෝඩයෝ  ටික  පැත්තකට  වෙලා  ඔය  ළමයට  පාඩුවේ  ඉන්න  දෙනවකො "


 "අනේ  ඔන්න  මෙයා  තමයි  අපේ  පන්තියේ  ඉන්න  ඉදි ආප්ප කෙල්ල හරිද  මචන් .. උබට ඕන වෙලාවක කියපන් උබට  ඉදි ආප්ප  ලොරියක්ම  හදල  දෙයි  මෙයා"

මන්දාර  ගේ කට  වැහුණා..ඇත්තම කිව්වොත්  කියන්න  වෙලාවක්  උනේ  නෑ  මිස්   වෙද්දීත්  පන්තියේ  දොර  ලග  නිසා ...

"පුතා  මේක  තමයි  ඔයාගේ  පන්තිය... හොදයි , ළමයි  මේ  ළමයටත්  වැඩි  වෙන්න  ඉඩක්  දෙන්න  එහෙනම් "

" .......ඊට කලින් මට කියන්න ඔයාගේ නම මොකද්ද කියලා"


"මම මිස් හි..රා..න් තේනුවර ..."






"හිරාන් !!!  "


හැමෝම එකටම වගේ කගපු සද්දෙට හිරූ ගේ හිත ගැස්සිලා ගියා.........

"ඒයි හිරූ අන්න හිරාන් කෙනෙක් ඇවිත් "

මේනු එහෙම කියලා කගහද්දී හිරූත් ගල් ගැහිලා වගේ බලන් හිටියා ........

      ***********************************



^^^^හිරාන් ,  හිරූ   කතා   කරයිද ...................^^^^

මීලග කොටසින් බලාපොරොත්තු වන්න ....



ඔන්න කට්ටියට කියවන්න කතාවේ පළමු වන කොටස දැම්මා..... ඊළඟ කොටස ලඟඳීම දෙනවා.... මේ කතාව ගැන කියවන ඔයාලට හිතෙන දේවල් කියන්න.......

අපේ මියුසික් එෆ්එම් ගෘප් එකට ගිහිල්ලත් මේ කතාව කියවන්න පුලුවන්..... ''මියුසික් එෆ්එම් ගෘප්''


0 comments:

Post a Comment

 
Music Fm © 2011 Design by Music Fm | All Music