Facebook Twitter Google+ Youtube Feed
­
This is an example of a HTML caption with a link.

Nodaka Inna Ba Mata Nam – Ruwan Hettiarachchi

0 comments



නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ //

පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා
මා හැරදමා සිහිවෙනවා
ඔබ කී කතා මුළු රෑ පුරා
මතකේ දරා විඳිමි සදා
මතකේ දරා විඳිමි සදා


මිහිඳුම් වළා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමී සදා
පෙර පෑ සිනා පූජා කලා
අඳුරේ තියා සඟවා දමා
මේ වේදනා යළි එනතුරා
දිවියේ පුරා ඉඳිමී බලා

නොදැක ඉන්න බෑ.........

Click
Here to Download Mp3 

Chamara Ranawaka – Mihithalaya Album

0 comments



Mihithalaya Album


01.Maha sayura                                  Download
02.Pita kotuwe                                   Download
03.Apewunama hada gaththa              Download
04.Sanda kan watila                           Download
05.Duruthu mase                                Download
06.Hiru kumari mage                          Download
07.Podi nona doti                               Download
08.Hulan wadey                                 Download
09.Heena thawath                              Download
10.Wel yaya madde                           Download
11.Sarigama wayala                           Download
12.Seethala mase                               Download
13.Danena witadi                              Download
14.Mal ethano                                  Download

Dedunu Patai Muhuna Obe - Rukantha & Chandralekha Perera

0 comments



දේදුනු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනලියේ
මුල් වර දුටු දින සිත ගත්තේ එකයි සමනලියේ
අරුනොදේ සුව දේ

මල් වැල මී බිදු වැහෙන්නේ ඔබටයි මල් කුමාරෝ
සීතල පිනි මත ඇවිදින්නේ ඔබටයි රන් බබරෝ
මේ යාමේ හමුවී එක වීලා ලං වීලා සැනසී

වරල ඔබේ අද හැලෙනා ඇල්ල වගේ
සුවද ඔබේ චන්දන අරණ වගේ

ආදර ලෝකෙට පායන සද ලෙස ඔබේ වත දිලිසෙන්නේ
සාගර ජලයට වඩා වැඩි මට ආදරේ ඔබට ප්‍රියේ
ආදරේ ඔබට ප්‍රියේ

කීව කතා ඔබ මා ගැන සිහි වෙනවා
ප්‍රේම ලොවේ මම අහසේ පියබනවා

ඔබ ඇත ගන්නට සෙනෙහස දෙන්නට මගේ සිත ලතවෙනවා
ඔබ සනසන්නට සුව කැන්දන්නට මා හනිකට එනවා
ලදුනේ මා හනිකට එනවා



Senehasa Illa Liyathambara Langa Handa Wetenawa - Malani Bulathsinhala

0 comments



සෙනෙහස ඉල්ලා ලියතඹරා ලඟ...
හඬා වැටෙනවා මියැසි කැලක්...
කපුරු මලක පෙති සිඳ බිඳ දැම්මා...
මලට වඩා විෂ බඹර තුඩක්.....

වැහි කළුවර ඇති හැන්දෑ සමයක...
තරු මල් පිපුනලු අහස ගැබේ...
දේව දූතයොත් හඬා වැටෙනවා...
පෙම් මල් ඉහිරුණු පර දිගේ....

යෞවනයේ සිත් විශකළ ප්‍රේමය..
කලියුගයේ ඇත පහල වේලා...
අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව...
පවිත්‍ර ප්‍රේමය මහළු වෙලා.....



Sithak Kelesada Me Tharam Wedanawan Windinne - Malani Bulathsinhala

0 comments



සිතක් කෙලෙසද මේ තරම්
වේදනාවන් විදින්නේ
නෙතක් කෙලෙසද මේ තරම්
දුකට කදුළැලි සලන්නේ

ඔබෙන් වෙන්වී ගෙවෙන මොහොතද
කල්පයක් වී දැනෙයි නම්
ඔබෙන් තොර හෙට දිනක් ගැන මා
සිතා ගන්නේ කෙලෙසදෝ

සුසුම් කදුළැල් සිහින පමණක්
උරුමයන් වී සඳාකල්
සතුට මොහොතක මිරිඟුවක් වී
බිඳී යන්නේ ඇයි මෙසේ



Nobalan Kumariya - TM Jayarathna

0 comments



නොබලන් කුමරිය නිසසල මා දෙස
සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා ලොව
කළඹනු නොහැක ඉතිං

ළඳකගේ සෙනෙහස නොපතමි කිසිදා
නිදහස අගයන්නෙම්
නුරා පිරුනු නෙතු වෙනතක දල්වා
සමුගත මැනවි ඉතිං

සුපුරුදු තනිකම පාළුව මිහිරියි
හිදිනෙමි සැනසිල්ලෙන්
ආදර රැහැනින් මහඳ වෙලන්නට
ඔබ හට නොහැක ඉතිං




Man Nathida Hithata Dukak Nubata Nam Nathi - Nelu Adikari

0 comments



මං නැතිදා සිතට දුකක්
නුඹට නම් නැති
පුදුමයි නුඹ වාගේ මට
ඉන්න බැරි හැටි

සංසාරේ මගෙන් තැවුල්
නුඹට වෙන්න ඇති
ඒ හින්දා නුඹේ හිත
රළු පරළු වෙන්න ඇති

මං හින්දා...ඔය දෑසට කදුළු
එන්නැති
ඉනූ කදුළු අද නුඹ මට
දෙනවා වෙනැති
කදුළැලි දෙනවා වෙන්නැති...



Malata Bambareku Se - Clarance Wijewardana

0 comments



මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා
ඔබ සිනාසෙනවා

දුකින් සිත මැලවී සිටින මොහොතකදී
ඔබ ගැනයි සිතුවේ නිවෙයි දුක පහවී

ලොව පහන් වෙනවා රැය කරා යනවා
දහස්වර අතරේ ඔබව සිහිවෙනවා

මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා
ඔබ සිනාසෙනවා

ගායනය :- ක්ලැරන්ස් විජේවර්ධන



Ma Hada Winiwida Dakinna - Dumal Warnakulasooriya

0 comments



මා හද විනිවිද දකින්න
දෑසක් නුඹට තිබුනා නම්
මා සිත කියවා බලන්න
නුඹ සිතට හැකි වී නම්
තවම නුඹගෙයි මං..........//

නුඹ ප්‍රේමය කිය වුයේ
අසුභ නැකතකටයි
මල් සුවඳ පිඳුවේ
විස බඹර කැලටයි

මා හද විනිවිද දකින්න ..........//

නුඹ අන්ද වී සිටියේ
උමතු රාගයටයි
යලි දෑස ඇරුනේ
දුරස් වූ පසුවයි

මා හද විනිවිද දකින්න ..........//

ගායනය:- දුමාල් වර්ණකුලසූරිය

Mage Prathama Adare Oba - Thushara Jeewantha

0 comments




මගෙ ප්‍රථම ආදරේ......
මගෙ ප්‍රථම ආදරේ ඔබ පමණයි
අවසාන ආදරෙත් ඔබ පමණයි
නෙතු පියෙන තුරාවට ඔබ මගෙමයි
මට ඔබෙන් තොර ලොවක් නැති ගානයි
මට ඔබෙන් තොර ලොවක් නැති ගානයි

ඔබට මමත් මම ඔබටත් නැතිව බැරි තරම්
ආදරයේ සෙනේ දියෙන් නෑවිලා පැතුම්
සිත හඬවන්නැ අබ මල් රේණුවක තරම්
උණු කඳුලක් වැටෙන්නෙපා නුබේ නෙතු අඟින්
මගෙ ප්‍රථම ආදරේ......
මගෙ ප්‍රථම ආදරේ ඔබ පමණයි
අවසාන ආදරෙත් ඔබ පමණයි
නෙතු පියෙන තුරාවට ඔබ මගෙමයි
මට ඔබෙන් තොර ලොවක් නැති ගානයි
මට ඔබෙන් තොර ලොවක් නැති ගානයි

සුළං රොදක් වගේ ඇවිත් මගේ මුව ලඟින්
සිප ගන්නවා ඔබේ සුවඳ යන්නෙ නෑ සිතින්
ඉන්න ඉසව්වට මගෙ සිත යනවා මොහොතකින්
ඔබේ වදන් ඇහෙනවා මට ගීතයක් ලෙසින්
මගෙ ප්‍රථම ආදරේ......
මගෙ ප්‍රථම ආදරේ ඔබ පමණයි
අවසාන ආදරෙත් ඔබ පමණයි
නෙතු පියෙන තුරාවට ඔබ මගෙමයි
මට ඔබෙන් තොර ලොවක් නැති ගානයි
මට ඔබෙන් තොර ලොවක් නැති ගානයි
 මට ඔබෙන් තොර ලොවක්

 

Hari therumak dennata - Sulanga Teledrama

0 comments

Hari therumak dennata - Sulanga Teledrama


හරි තේරුමක් දෙන්නට නැතත්
නුඹ හදට ලං වුනු ගීතයක්//

හරි තේරුමක් දෙන්නට නැතත්
නුඹ හදට ලං වුනු ගීතයක්

හීන එකතු කර පබැඳුව
වසන්තය මත තැවරුව
අනන්තය වෙත ඉගිල්ලෙන්නට හදන
නුඹ හදට ලං වුනු ගීතයක්
හරි තේරුමක් දෙන්නට නැතත්
නුඹ හදට ලං වුනු ගීතයක්

බැස නොයන මදු පුර සඳ
නිදි වරන මගේ නෙතු ලඟ
හිනා වෙන රෑ
තනියමම සිත ලඟම
නුඹ හදට ලං වුනු ගීතයක්
හරි තේරුමක් දෙන්නට නැතත්
නුඹ හදට ලං වුනු ගීතයක්//



Adura Madin Oba Enawada Adare Aran - Thushara Jeewantha

0 comments

Adura Madin Oba Enawada Adare Aran


අඳුර මැදින නුඹ එනවද ආදරේ අරන්

නැගෙන හිරු මැදින්
බසින හිරු මැදින්
ඉතින් කියනවද මට ආදරේ එක වරක්
රිදෙන සිත දුකින්
දැවෙන සිත දුකින්

සුසුම් පොදයි නුඹ මට මගේ ජීවිතය ගෙනියන
මගේ සුසුම් පොදයි නුඹ
නුඹ ආදරෙයිද මට මහ සාගරය තරමට
කඳුලක් වෙන්නෙපා නුඹ
නිල් අහසක් තරමට දැනෙනවා නුඹගේ සෙනෙහස

සරා සඳකි නුඹ මට සිත් අහසම එලිය කල
අඳුරක් දෙන්නෙපා නුඹ
නාමල් සුවඳකි නුඹ සිත් මළුවම සුවඳ කල
දැනෙනවා නුඹගේ සෙනෙහස
නෙතඟින් කඩා හැලෙන කඳුලක් වෙන්නෙපා නුඹ



 
Music Fm © 2011 Design by Music Fm | All Music