Facebook Twitter Google+ Youtube Feed
­
This is an example of a HTML caption with a link.
Showing posts with label Sangeeth Wijesuriya. Show all posts
Showing posts with label Sangeeth Wijesuriya. Show all posts

Sonduriye Oya nil Dase - Sangeeth Wijesooriya

0 comments




සොඳුරියේ ඔය නිල් දැසේ ........
එලියයි පාර කියුවේ
කතරේ මේ දුර ආවේ ළඳුනේ සෙනෙහස හින්දා ඔයාගේ //

නුඹ හින්දා වින්ද දුක් බෝමා
නුඹ හින්දා වින්ද දුක් බෝමා
නුඹ හින්දා වින්ද දුක් ,හින්දා වින්ද දුක්  බෝමා

බාලේ බැඳි සිත් ආලේ
මල් යායේ සමනල වයසේ
මල්වර විය හද පතුලේ හැඟුමන් හැඩ බැඳි රුව දැක ළඳුනේ//

සුළඟට දඟ කල වරලේ
වත්සුනු සුවඳයි තව මතකේ
වෙල් ඉපනැල්ලේ රැව්දේ සොඳුරේ පා බැඳි නූ පුර රාවේ//

නුඹ හින්දා වින්ද දුක් බෝමා
නුඹ හින්දා වින්ද දුක් බෝමා
නුඹ හින්දා වින්ද දුක් ,හින්දා වින්ද දුක්  බෝමා

සොඳුරියේ ඔය නිල් දැසේ ........
එලියයි පාර කියුවේ
කතරේ මේ දුර ආවේ ළඳුනේ සෙනෙහස හින්දා ඔයාගේ //

අසරණ සිත ඇයි තැලුවේ
ඔච්චමට උනත් පිටුපැවේ
පලඳිමු ගෙල රන් මාලේ ළඳුනේ සෙවනැල්ලයි මං සසරේ//

ගායනය :- සංගීත් විජේසුරිය


Adare Wedi Obata - Sangeeth Wijesuriya

0 comments

ආදරේ වැඩී ඔබට 















ආදරේ වැඩී ඔබට වෙනදටත් වඩා
පාළුවේ හැඟුම් හදට දැනුනෙ දැන් තමා
මව්බිමෙන් නුහුරු දේශයේ 
පාළුවෙන් ගෙවන ජීවිතේ
ඔබ  කෙරේ ආදරේ තව තවත් වැඩිකලා
ආදරේ වැඩී ඔබට වෙනදටත් වඩා
පාළුවේ හැඟුම් හදට දැනුනෙ දැන් තමා


සේයා රෑ දකින වාරේ
නෙත් මානේ කඳුළු වෑහේ...//
හැඟුම් දවා දුකින් හඬා
සුසුම් හෙලන්නේ
නිරන්තරේ ඔබේ දසුන් 
මැවී පෙනෙන්නේ
යලි දකින්නේ කවදදෝ
ආදරේ වැඩී වෙනදටත් වඩා
පාළුවේ හැඟුම් හදට දැනුනෙ දැන් තමා


මේ ගින්නෙන් දැවෙන කතරේ
සිමාවෙන් මිදුනු දවසේ.....//
ඉඟිල්ලිලා ඉඟිල්ලිලා සොයා ඇඳෙන්නම්
සැපෙන් පිරී දුකින් තොර ලොවක් තනන්නම්
වෙහෙස වන්නේ ඒ නිසානේ
ආදරේ වැඩී ඔබට වෙනදටත් වඩා
පාළුවේ හැඟුම් හදට දැනුනෙ දැන් තමා
මව්බිමෙන් නුහුරු දේශයේ 
පාළුවෙන් ගෙවන ජීවිතේ
ඔබ  කෙරේ ආදරේ තව තවත් වැඩිකලා
ආදරේයි ප්‍රියේ වෙනදටත් වඩා
පාළුවේ හැඟුම් හදට දැනුනෙ දැන් තමා

Mp3 අහන්න ---->

 
Music Fm © 2011 Design by Music Fm | All Music