Facebook Twitter Google+ Youtube Feed
­

Mage Prathama Adare Oba - Thushara Jeewantha




මගෙ ප්‍රථම ආදරේ......
මගෙ ප්‍රථම ආදරේ ඔබ පමණයි
අවසාන ආදරෙත් ඔබ පමණයි
නෙතු පියෙන තුරාවට ඔබ මගෙමයි
මට ඔබෙන් තොර ලොවක් නැති ගානයි
මට ඔබෙන් තොර ලොවක් නැති ගානයි

ඔබට මමත් මම ඔබටත් නැතිව බැරි තරම්
ආදරයේ සෙනේ දියෙන් නෑවිලා පැතුම්
සිත හඬවන්නැ අබ මල් රේණුවක තරම්
උණු කඳුලක් වැටෙන්නෙපා නුබේ නෙතු අඟින්
මගෙ ප්‍රථම ආදරේ......
මගෙ ප්‍රථම ආදරේ ඔබ පමණයි
අවසාන ආදරෙත් ඔබ පමණයි
නෙතු පියෙන තුරාවට ඔබ මගෙමයි
මට ඔබෙන් තොර ලොවක් නැති ගානයි
මට ඔබෙන් තොර ලොවක් නැති ගානයි

සුළං රොදක් වගේ ඇවිත් මගේ මුව ලඟින්
සිප ගන්නවා ඔබේ සුවඳ යන්නෙ නෑ සිතින්
ඉන්න ඉසව්වට මගෙ සිත යනවා මොහොතකින්
ඔබේ වදන් ඇහෙනවා මට ගීතයක් ලෙසින්
මගෙ ප්‍රථම ආදරේ......
මගෙ ප්‍රථම ආදරේ ඔබ පමණයි
අවසාන ආදරෙත් ඔබ පමණයි
නෙතු පියෙන තුරාවට ඔබ මගෙමයි
මට ඔබෙන් තොර ලොවක් නැති ගානයි
මට ඔබෙන් තොර ලොවක් නැති ගානයි
 මට ඔබෙන් තොර ලොවක්

 

0 comments:

Post a Comment

 
Music Fm © 2011 Design by Music Fm | All Music