Facebook Twitter Google+ Youtube Feed
­

Dekopul Kandulin Thema - Lahiru Perera



දෙකොපුල් කඳුලින් තෙමා

තොල්පෙති නළලත තබා

නික්මුණ දා හිස සිඹ මා

ලතැවෙමි රෑ තුන්යාමේ

සුහදිනියේ

මින් පෙරදී අපි මේ වගේ
වෙන්වී යන්නට ඇති
මේ කඳුළු ගංගා ඉමේ
කොතැනක හෝ
මගේ ජීවිතේ ඉකිබිඳී
ඔබෙ දෙනෙත් යලි යලි සොයයි
අපි පතා ආවා වගේ
වෙන්වී යයි

ඔබ පපුතුරේ මා හිදී
මගේ පපුතුරේ ඔබ හිදී
ලංවෙන්න වෙන්නේ නම් නෑ
සුහදිනියේ

දෙකොපුල් කඳුලින් තෙමා....................


සුදු සිනිඳු මල් පෙති වගේ
ගිලිහී යන්නට ඇති
මුදු සුවඳ දැනෙනා ඉමේ
දෙතැන පිපී
හමුවීම ප්‍රේමය නොවේ
වෙන්වීම ප්‍රේමය වඩයි
අපි පතා ආවා වගේ
වෙන්වී යයි

ඔබේ සිහිනවල මා හිඳී
මගේ සිහිනවල ඔබ හිඳී
එය පියවි ලෝකය නොවේ
සුහදිනියේ


දෙකොපුල් කඳුලින් තෙමා...

ගායනය :- ලහිරු පෙරේරා



0 comments:

Post a Comment

 
Music Fm © 2011 Design by Music Fm | All Music