සංවේදනා
සංවේදනා මාහදේ දරා
මං ඉන්නේ මුළු රෑම නොනිදා නිදා
පෙම් චේතනා ඇවිලි ගියා
දුක් ගින්න මට දීලා ඔබ ගිය නිසා
පවනේ පවා මුසුවි ගියා
මං ගැයුව දුක් ගායනා............
අකාසේ දෙදරා ගියා
සඳ අහසේ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා
ඔබ රුවම ඕනා නිසා
සංසාරේ නිම්නේ පවා
හමුවන්නේ ඔබවයි සදා
ඒ මොහොත ලං වෙයි කියා
මං ඉන්නේ නොමැරි තමා
ගංගා පවා සිඳිලා ගියා
මං හෙළුව සුසුමින්ම වියළි තලා
සයුරෙන් ගෙනා දියරැල් පවා
මහ දියඹේ මං නොදැන ගොළුවි සිනා
සයනේ වෙලි තනිවි මෙමා ඔබ ගැනැම සිතුවා ඒදා
අකාසේ දෙදරා ගියා
සඳ අහසේ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා
ඔබ රුවම ඕනා නිසා
සංසාරේ නිම්නේ පවා
හමුවන්නේ ඔබවයි සදා
ඒ මොහොත ලං වෙයි කියා
මං ඉන්නේ නොමැරි තමා
MP3 Here ----->
0 comments:
Post a Comment