Facebook Twitter Google+ Youtube Feed
­

Geeyakin Kese Kiyam Sithum Laye - Korin Almeda

ගීයකින් කෙසේ කියම් සිතුම් ලයේ

ගීයකින් කෙසේ
කියම් සිතුම් ලයේ
රන් රුවන් ගෙනල්ලා
මා ළගින්...තියාලා...
නොඉල්ලනූ...ආදරේ
නොඉල්ලනූ...ආදරේ

නෙත් ඔබේ නමා
බලා ඉන්නේ ඇයි
සෝ සුසුම් හෙලා
මා ඉන්නේ ඇයි
අතීතයේ කතා
මකා දමා සිනාසෙමූ

ගීයකින් කෙසේ....

වෙනින් කෙනෙක් සොයා
සිනාසෙන්නකෝ...
මා ඔබේ සිතින්
මකාලන්නකෝ
මිතුරන් සේ අපී
ජීවිතේ එක් වෙමු

ගීයකින් කෙසේ
කියම් සිතුම් ලයේ
රන් රුවන් ගෙනල්ලා
මා ළගින්...තියාලා...
නොඉල්ලනූ...ආදරේ
නොඉල්ලනූ...ආදරේ

Mp3 අහන්න ------>

0 comments:

Post a Comment

 
Music Fm © 2011 Design by Music Fm | All Music