Facebook Twitter Google+ Youtube Feed
­

Pin Pata As - Roshan Fernando



පිං පාට ඇස් එක්ක

රන් පාට සඳ එළිය
ඇවිදින්න රහසින් කතා
සපුරාම තහනම්ද
මේ මොහොත අද්දරට
අතුරන්න සෙවනැලි රටා
පිනි සීත උදුරන්න
ලග පාත දැවටෙද්දි
දඟකාර සුළඟක් හමා
මේ හාදකම් මොටද
නන්නාදුනන සුළඟ
කරගාව කෙහෙරැලි වටා


හොරැහින් බලා රතු පාට සාරිය දිහා
ආඩම්බරේ......නිල් දෑස දෝරේ ගලා
කොච්චර හෙමින් ආව කාලයද මේ
ඇල්මේ දුවයි අපි දමා


විශ්වය නෙලා මා ගාව තැබුවා වගේ
අදහන්න බෑ.....කිමිදෙන්නෙ රහසක් නොවේ
බැල්මක ලියා තියෙන පද පේලියේ
සිර ගතව මම රාත්‍රියේ
පිං පාට ඇස් එක්ක
රන් පාට සඳ එළිය
ඇවිදින්න රහසින් කතා
සපුරාම තහනම්ද
මේ මොහොත අද්දරට
අතුරන්න සෙවනැලි රටා
පිනි සීත උදුරන්න
ලග පාත දැවටෙද්දි
දඟකාර සුළඟක් හමා
මේ හාදකම් මොටද
නන්නාදුනන සුළඟ
කරගාව කෙහෙරැලි වටා


ගායනය : රොෂාන් ප්‍රනාන්දු

සිංදුව අහන්න




0 comments:

Post a Comment

 
Music Fm © 2011 Design by Music Fm | All Music