Facebook Twitter Google+ Youtube Feed
­

හිරු තනි වෙලා - [තෙවන කොටස]


පාසැල නිමා වෙන සීනුව ගහද්දීම   හැමෝම ගෙවල් වල දුවන්න කලබලෙන් පන්තිය පුරාම දුවනවා ...හිරූ අතරේ පන්තියෙන් ඉස්සරහට ගිහින් උදේ ඉදන් ගුරුවරු ලියපු කළු ලෑල්ල මකල ගුරු මේසයත් සැකසුවා.....හැමදාමත් පන්තියේ වැඩ  ටික කෙරෙන්නේ හිරුගේ අතින්මයි ....

"හිරූ ...."

මහා හයියෙන් මේනු කතා කලේ වෙලාවේ ..හිරූ එසැනින්ම හැරිලා මේනු දිහා බැලුවෙත් මේනුගේ අතින් ලේ ගලනවා දැක්කෙත් එකටමයි ..හිරූ ත් දුවගෙන මේනු ගාවට ආවේ මේනුගේ කඳුළු පිරුණු ඇස දෙක දිහා බලාගෙනම ..

"මේනු මේ ඇයි මේ ? "

හිරුගේ සද්දෙට පන්තියෙන් බාගයක්ම දුවගෙන ආවේ මේනු ලඟට 

"මොකද ළමයෝ උනේ ..මෙච්චර ලේ ගලන්න තරම් ?"

"මෙයට ඉතින් දැගලිල්ල නේ කොයි වෙලාවෙත් "

වටේම ඉන්න ප්රශ්න අහද්දී හිරූ අතේ තිබුණු ලේන්සුව අරගෙන මේනුගේ අතේ තුවාලය තිබුණු තැන තද කරලා බැන්දා  ..

"අපි ඉක්මනට බෙහෙත් ටිකක් දාගන්න යමු මේනු ,ඔයාගේ ඇත ගොඩක් තුවාල වෙලා ... ෆස්නා මේනුගේ බැග් එක ගන්නවද ඔයා "

"හරි මම ගන්නම් හිරූ "

"හිරූ මේනුව පහලට එක්කන් එන්න මමයි හිරානුයි ගිහින් ත්රීවීල් එකක් බලන්නම් ..."

එහෙම කියාගෙන මාධවයි හිරානුයි පහලට දිව්වා .. අතරේ හිරූ මේනුව එක්කන් පහලට ආවා...කට්ටියත් ටිකෙන් ටික අඩු වෙලා ගිහින් අන්තිමට පාසලේ ගේට්ටුව ළඟ ඉතිරි උනේ හිරුයි ෆස්නයි ශානියි විතරයි .


ඈතින් මාධවයි හිරානුයි ත්රීවීල් එකක එනවා දැකපු හිරූ ඉක්මනට මෙනුවත් වත්තන් කරගෙන ඉස්සරහට ආවා ...
"ඔක්කොටම යන්න බැහැනේ හිරූ මේකේ ඔයයි මේනුයි නගින්න ශානිත් නගින්න ..අපු තව ත්රීවීල් එකක ඉක්මනට හොස්පිට්ල්  එක ලඟට එන්නම් "

"හා මාධව "

හිරුත් මෙනුත් ශානිත් රැගත් ත්රීවීල් එක ඉක්මනින් එතනින් ඉවත් උනා..ත්රීවීල් එකේ යන  ගමනුත්  හිරූ ගේ  ඇස දෙතුන්  පාරක්ම  කඳුලින්  පිරෙනවා  මේනු ඇත්තටම  දැක්කා  ...



**** **** **** ****


හදිසියට හැමෝම රෝහලට අවට ෆාමසියෙන් ගන්න දුන්නු බෙහෙත් ගන්න හිරූ ගාව තිබුණු සල්ලි මදි වෙයි කියල හිරුට මතක් උනේ පස්සෙයි ..

"ඇයි හිරූ කල්පනා කරන්නේ "

"නෑ මාධව . ෆාමසි එකෙන් ගන්න දුන්නු බෙහෙත් වලට සල්ලි මදි මගේ ගාව තියෙන ..ඔයා ගාව තියෙනවද වැඩිපුර සල්ලි "


හිරාන් හිරූ දිහා ටික වෙලාවක් බලන් හිටියා.

"හිරූ ..කෝ දෙන්න මට රිසිට් එක "

හිරාන් හිරුගෙන් ගන්න ඕන බෙහෙත් ලියපු කොලේ ඉල්ලුවා...හිරූ මේනු දිහත් මාධව දිහාත් බැලුවේ කරන්න දෙයක් හිතාගන්න බැරිව ..

"ඕක දෙන්න ළමයෝ මේනු දැන් මගෙත් යාලුවෙක්නෙ මම බෙහෙත් ටික ඉක්මනට අරන් එන්නම් ඔතනම ඉන්න ඔයාලා ..මාධව උඹ හිරුල එක්ක ඉඳපන් නැත්නම් මෙයාල තනියමනෙ ..මං ටක්ගාල මේක අරන් එන්නම් "

"අනේ තැන්ක්ස් බං මේ වෙලාවේ මගේ ගාවත් සල්ලි නෑ ඇත්තටම "

"එක හිතන්නෙපා බං "

හිරාන් යන දිහා අනිත් හැමෝම බලාගෙන හිටියා

"එය හරි හොඳයි නේද හිරූ "

මේනු හිරූ ගෙන් ඇහුවත් හිරූ නිහඬවම හිටියා ...

විනාඩි 5 ක් යන්නත් කලින් හිරාන් බෙහෙත් අරගෙන ඇවිත් මේනුට දුන්නා....

"වෙලාවට බෙහෙත් ටික බොන්න මේනු  "

""තැන්ක්ස් හිරාන් ඔයාල හැමෝටම ගොඩක් පිං..හැමෝම උනේ මොකද්ද කියා කියා අහ අහා හිටියත් ඔයාල ටික ඉක්මනට මව මෙතනට අරන් ඇවිත් බෙහෙත් අරන් දුන්නා ..ඇත්තටම ගොඩක් පිං ඔයාලට "

ඇස දෙකේ කඳුළු පුරවන් මේනු එහෙම කියද්දී හැමෝගෙම ඇස වලට කඳුළු ආවා ..



"යාලුවෝ කියන්නේ දුකේදී ඉන්න අයට තමයි මේනු එහෙම අයව තමයි ජිවිතේ ලඟින්ම තියන්   ඉන්න ඕන ...අපි හිනා වෙද්දී හිනා වෙන අපි අඩද්දී අපේ කඳුළු පිහිදාන අයව ලඟින් තියන් ඉද්දි අපේ හිතට දුකක් ආවත්  දුක නැති වෙනවා ඉක්මනට ..අද ඔයා ළඟ මෙහෙම යාලුවෝ ඉන්නේ ඔයත් වගේ හොඳ යාලුවෙක් නිසානේ ...දැන් ගෙදර ගිහින් කාල වෙලාවට බෙහෙත් ටික බොන්න "

හිරාන් දේවල් කිව්වේ හරියට එය මේනුව ගොඩක් කලෙක ඉඳන් දන්නා කෙනෙක් වගේ ..ඇත්තටම කොල්ලෙක් මේ විදියට හිතනවා කිව්වම පුදුමයි කියල හිරුට හිතුනේ ...

"ඉන්න මම ත්රීවීල් එකක් අල්ලලා දෙන්නම් ඔයා එකේ ගෙදර යන්න බස් එකේ යන්න බැනේ ඔහොම "

එහෙම කියල එතකොටම එතනින් ගියපු ත්රීවීල් එකක් නවත්තල මෙනුගෙන් පාර අහල කියල ත්රීවීල් අන්කල්ට  සල්ලිත් දුන්නා හිරාන් ..
අතරේ හිරූ මේනුගේ බැග් එක ත්රීවීල් එක ඇතුලෙන් තිබ්බා..

"එහෙනම් පරිස්සමෙන් යන්න මේනු බායි  "

"එහෙනම් පරිස්සමෙන් ඔයාලත් යන්න "

මේනුව නොපෙනී යනවත් එක්කම මාධවත් ,
"හිරූ මාත් එහෙනම් යනවා මෙතැනින්ම මට බස් එක ගන්න පුළුවන්නේ ශානිටත් පුළුවන්නේ මගේ බස් එකේම යන්න.අපි මෙතනින් නගිමුද "

" මාධව   මම තනියමනෙ එතකොට ??"

"හිරූ බය වෙන්නේ මොකද කෙල්ලේ මේ ඉන්නේ හිරාන් එයත් ස්ටෑන්ඩ් එකට ගිහින් බස් එක ගන්නේ"

ශානි එහෙම කිව්වා 

" හිරාන් උඹ මෙයාව පරිස්සමට බස් එකට දාපන්කෝ "

"හිරූ මත ස්ටෑන්ඩ් එකට යනවා අපිට යන්න පුළුවන්නේ "

හිරුට   කියාගන්න දෙයක් නෑ එතකොටම මාධවටයි ශානිටයි බස් එක ආපු නිසා .....





**** **** **** ****




"එහෙනම් අපි යමු නේද හිරූ "

"ම් ..ම්.."

මහරගම බස් නැවතුම් පලට යනකන්ම දෙන්නම වචනයක් වත් කියා ගන්න බැරිව ඉස්සරහට ගියා...
හිරුට බස් එක පේන මානයේ වෙද්දී එයාගේ බස් එක තියෙනවා කියල ..එත් හිරුට කතා කරගන්නත් බෑ වගේ දැනුනා ..


"ඔයාගේ බස් එක මොකද්ද හිරූ "


".. .. ති ...යේ න්නේ "

 හිරු අමාරුවෙන් වචන දෙකක් ගලපගත්තා ....

".. ..හෙ.....ම් නගි..න්..නම් හි..රා..න් "

හිරූ බස් එක ලගටම ඇවිත් හිරාන්ට කිව්වා ..

" ම්..ම්... පරිස්සමෙන් යන්න හි..රූ .."

බස් එකට හිරූ නැගලා  වාඩි  වෙලා ටික වෙලාවක් ගියත් හිරාන් එතනටම වෙලා උන්නා .....හිරූ ගේ බස් එක ඉදිරියට යනකලුත් හිරාන් බස් එක දිහා බලන් ඉන්නවා හිරූ කව්ලුවෙන් දැක්කා ...


 ^^^^........හිරූට හිරාන් ගැන සිහි වෙයි ..........^^^^

මීළඟ කොටසින් හමුවෙමු......


සැකසුම :- මධු ලියනගේ (මියුසික් එෆ්එම්)

අපේ මියුසික් එෆ්එම් ගෘප් එකට ගිහිල්ලත් මේ කතාව කියවන්න පුලුවන්..... ''මියුසික් එෆ්එම් ගෘප්''

0 comments:

Post a Comment

 
Music Fm © 2011 Design by Music Fm | All Music