Facebook Twitter Google+ Youtube Feed
­

හිරු තනි වෙලා - [සිව්වන කොටස]





හිරූ කම්මැලි කමටම හවස මිදුලේ ඇවිදිමින් හිටියා... කරන්න විශේෂයෙන් කියල වැඩකුත් නොතිබුණු නිසා හිරුට  දැනුනේ පාළුවක් ...
දවස පුරාම සිද්ද උණු දේවල් එකින් එක හිරුගේ මතකයට ආවා....හිරුට ඇත්තටම හිරාන් ගේ ගතිගුණ ගැන ගොඩක් පැහැදිලා හිටියේ ...

ඇත්තටම හිරාන්ගේ ඇත්තම චරිතයද එහෙමත් නැත්නම් හැසිරීම වෙලාවේ විතරක් වුනු දෙයක්ද කියල හිරූ කල්පනා කළා ..


"ඇත්තටම මටත් පිස්සු මම මොකටද එයාගේ හැසිරීම ගැන හිතන්නේ මෙච්චරටම ...
මේනු  කෝල් කරලා බලන්න ඕන මොකද කියල දැන්  "


හිරූ එහෙම හිතල මෙනුට ඇමතුවා ....



****       ****               ****            ****        **** 





හිරාන් රෑ කෑමට මේසයට එද්දිම හිරාන්ගේ මූනේ තිබුණු වෙනස මුලින්ම දැක්කේ හිරාන්ගේ එකම නංගි ශලනි ...





"බද්දට හද පායලා වගේ අද මොකෝ මෙයාගේ මූණ එලිය වැටිලා "





"මෝඩියෙක් වගේ කටට එන හැම  එකම   කෑගහල  කියන්න  ඉගැන්නුවේ  කව්ද  ඔයාට   මොලයක් නැද්ද නංගි "





හිරාන් ශාලානිගේ ඔලුවට හෙමිහිට ටොක්කක් ඇනලා කිව්වා .





"ඌයියි .....හරි ඉතින් ඕකට ටොකු අනින්න ඕනද මට නම් පේන විදියට  බද්දට හඳක් නෙමෙයි හාවෙක් පැනලද කොහෙද "





" ඔව් ඔව් ...පැන්නා තමයි හාවෙක් ..දැන් වත් කටපියාගන්නවද අම්මලා එන්න කලින්  "



ශලනිට කතාව කියලා ඉවර කරන්න ලැබුනේ නෑ හිරාන්ගේ අම්මයි තාත්තයි කම මේසෙට ආවා ..
 

"මොකද්ද  මේ දෙන්නා කතා කර කර ඉදල නැවැත්තුවේ  ??" 






"නෑ නෑ අම්මි එහෙම මුකුත් නෑ කොහොමත් ඉතින් කොයි වෙලාවෙත් මෙයාගේ හරි කටනේ තියෙන්නේ "



"හැමෝම දැන් කතාව නවත්තලා කෑම කන්න "



තාත්තගේ නියෝගය ...හිරාන්ගේ තාත්තට ගෙදර හැමෝම බයයි .. වෙන දෙයක් නිසා නෙමෙයි හිරාන්ගේ තාත්තා, රවී ජයකොඩි  කියන්නේ  රටේ ප්රසිද්ධ කියන තත්වයේ ඉන්න ව්යාපාරික පුද්ගලයෙක් .. නිසාම හිරාන්ගේ තාත්තාගේ ගතිගුණ සමාජයට වගේම ගෙදරටත් නීතියක් වෙලා ........




හිරාන්ගේ අම්මා හැමෝටම කෑම බෙදුවා..කෑම එක කන්න ගද්දිම හිරාන්ට මතක් උනේ හිරුව ....හිරාන්ට කන්න ගත්ත බත් කට එහෙමම හිර උනා..හිරාන් තවත් කෑම මෙසේ ඉඳන් කෑම කන්න හිතක් තිබුනේ නෑ..



නිසා හිරාන් "excuse me " කියල නැගිටලා එයාගේ කාමරයට ගියා...






**** **** **** **** ****



හිරාන් ඇඳට වෙලා හිරූ ගැන කල්පනා කළා ....නුවර ඉඳලා හිරාන්ලා කොළඹට අවේ තාත්තගේ ව්යාපාර වැඩ නිසා .. ආපු හිරාන් උසස් පෙළ විභාගය කරන්න හිරූගෙ පාසලට ඇතුලත් උනේ අහම්බෙන් ..මුලදී නම් හිරාන්ගේ එච්චර කැමැත්තක් තිබුනේ නෑ ඉස්කෝලෙට එන්න.එත් ආපු මුල්ම දවසේ දැකපු මූණ නිසා හිරාන්ට හැම දේම ලස්සනට පෙන්න පටන් ගත්තා...





"ඉස්කෝලෙට ගියේ තවම එක දවසයි ...මේ පය ටිකට මේ කෙල්ල කීපාරක් මට මතක් උනාද ..පුදුමයි ....මලක් වගේ ...ගොඩක් අහිංසක පාටයි ..මාධව මව එයාට ඉන්ට්රොදුසේ කරලා දෙද්දීත් කතා කලේ නැනේ මාත් එක්ක ..අනිත් අය හැමෝම හොඳට කතා කලා "





**** **** **** **** ****









කල්පනා කර කර ඉඳල එහෙමම හිරාන්ට නින්ද ගිහින් ....ඇහැරුනේ පාන්දර ...

ඊයෙටත් වඩා වෙලාසනනින් හිරාන් උදෙන්ම ලෑස්ති වෙලා අම්මව හොයාගෙන කුස්සියට ගියා.. යද්දී හිරාන්ගේ අම්මා දුරකථන ඇමතුමක ඉන්න ගමන් ඉදි ආප්ප හදනවා ..හිරාන්ට එහෙමම මතක් උනේ මේනුව  ...





"චුට්ටක් ඉන්න පුතා කෑම ලෑස්තියි "





හිරාන්ගේ අම්මා කිව්වා




"අම්මි දන්නවද අපේ ඉස්කෝලෙත් ළමයෙක් ඉන්නවා එය හැමදාම ඉදි ආප්ප ගේනවා ඉස්කෝලෙට .හරි රසයිලු අම්මා ..අද මටත් ගෙනේවි එකක් සමහරවිට ."



"... ඇත්තද පුතා පුදුමයි පිරිමි ළමයි ඉස්කෝලෙට කෑම ගේනවා කිව්වම ..ඔයාටත් හෙට ඉඳන් හදල දෙන්නද මම කෑම ඉස්කෝලේ ගෙනියන්න ??"



හිරාන්ට කට උත්තර නැති උනා .. මදිවට හිරාන්ට හිනා ..



"අම්මියෝ ....ඔයා දන්නවද වැඩක් ...ඉදි ආප්ප ගේන්නේ කොල්ලෙක් නෙමෙයි අම්මා ..කෙල්ලෙක් ..හි හි හි "



"මොනවා .........ඔය ගියපු එක දවසට කෙල්ලෙක්වත් අල්ලගත්තද ළමයෝ ."



"හි හි නෑ අම්මා යාලුවෝ විතරයි හරි හොඳයි ළමයි ටික "



හිරාන් මේනු  බෙහෙත් දාන්න යාලුවෝ එක්ක ගියපු ඒවා හැමදේම අම්මා එක්ක කිව්වා ..



"ඉතින් අපි දැන් යාලුවෝ "



"මොනවා උනත් කමක් නෑ පුතා සීමාවක් තියාගෙන හැම දේම කරන්න .ඔයා දන්නවනේ ඔයාට හිතෙන හැමදේම ඔයාට කරන්න බෑ කියලා  "



හිරාන්ට අම්මා දුන්නු මුල්ම අවවාදය හිතේ විදුලියක් කෙටුව වගේ වෙලා මතක් උනේ හිරූ ...



හිරාන් අම්මට වැඳලා ඉස්කෝලෙට යන්න පිටත් උනා ....





 ^^^^........පාසලේදී කුමක් සිදුවෙයිද.........^^^^





 මීළඟ කොටසින් හමුවෙමු......


සැකසුම :- මධු ලියනගේ (මියුසික් එෆ්එම්)

අපේ මියුසික් එෆ්එම් ගෘප් එකට ගිහිල්ලත් මේ කතාව කියවන්න පුලුවන්..... ''මියුසික් එෆ්එම් ගෘප්''

0 comments:

Post a Comment

 
Music Fm © 2011 Design by Music Fm | All Music