Facebook Twitter Google+ Youtube Feed
­

හිරු තනි වෙලා - [දෙවන කොටස]

~~හිරු තනි වෙලා ~~ [දෙවන කොටස]





 "කට කට .....



අලුතෙන් ළමයෙක් අවම ඔහොමද හැසිරෙන්නේ අදම ළමයි ටික යාවි ඉස්කෝලේ දාලා ඔහොම උනොත් ..."




කට්ටියම නිහඩ කල්පනා ලොවක තනි වෙලා වගේ සද්ද නැතිව හිටියා .... ඉස්කෝලේ ඉන්න හැම ගුරුවරයෙක්ටම මොනවම හරි කියන්න ,කියල විහිලු කරලා අහිංසක සතුටක් ලබන්න පුරුදු වෙලා හිටිය ළමයි කවදාවත් හිරූ ගේ පන්ති භාර සමන්ති මිස්ට කවදාවත් මුකුත් කිව්වේ නෑ ... මොකද ඉස්කෝලේ ඉදපු ,ළමයින්ගේ පුංචි පුංචි විහිලු තේරුම් ගත්තු එකම ගුරුවරයා උනේ සමන්ති මිස් ... 




හෙමින් හෙමින් දෙපැත්තේ තිබුණු ඩෙස්ක් පේලි දෙකේ මැදින් හිරාන් තේනුවර එයට දුන්නු ඩෙස්ක් එකට අවා .....යාලුවෙක් අදුරගන්නවත් වෙලාවක් නැතුව පරක්කු වෙලා ආව නිසා හිරාන් තනියම වාදී වෙලා බැග් එකත් ඩෙස්ක් එක උඩින් තියාගත්තා 



"හායි මචන් මම මාධව " 



මුලින්ම හිරාන් එක්ක කතා කලේ ..පන්තියේ හැමෝටම වඩා හොද හිතක් කොහොමත් මාධවට තිබුනා .. නිසාම හිරූ වගේම හිරූ ගේ යාළුවොත් පන්තියේ පිරිමි ළමයින් ගෙන්  ගොඩක්ම කිට්ටුවෙන් හිටියේ මාධව  එක්ක ....



"හෙලෝ මගේ නම දන්නවනේ මිස් කිව්වනේ ඉතින් දැන් ..කොහොමද ඉතින් මම නම් මේ ඉස්කෝලේ ගැන දන්නෙත් නෑ මචන් මාර බයෙන් අවෙත් පරක්කු වෙලා එද්දී "



"දෙන්න කතාව පටන් අරන් "

 මේනු කිව්වා ..



"මේ දැන් ඉස්සෙල්ල එකක් කියන්න ගිහින් අහගත්තනේ ,දැන් වත් හිටපිය කට පියන් ,නැත්නම් ප්ලාස්ටරයක් ගෙනත් අලවනවා කටේ හරිද ?"


ශානි සැර කරපු නිසාම මේනු සද්ද නැතිව පොතක් දිග ඇරගත්තා..ශානිත් ගණන් වගයක් හදනවා ...ෆස්නා ත් මොනවදෝ කරනවා .හිරූ කාටවත් කරදර කරන්න ගියේ නෑ..එත් හිරුට හරි පාළුවක් දැනුනා.. හින්ද හිරූ ඩෙස්ක් එකෙන් ඔලුව තියාගත්තා



දැන්
හිරූ ඇහෙනවා මාධාවත් හිරානුත් කතා කරන දේවල් ..

"උඹ මාත් එක්ක ඉඳපන් ,හොඳ වෙලාවට උඹව අහු උනේ සමන්ති මිස් වෙන කාට හරි අහු උන නම් ඉතින් මුල්ම දවසේ පැයක් එළියේ  "



" ඒක  තමයි බන් හෙට ඉඳල නම් වේලාසන එනවා අනිවා .."



"එල මචන් මම උඹට ඉන්ටවල් එකට ඉස්කෝලේ පෙන්නන්නම්කො ..හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ ඉන්ටවල් එකේ එලියට පැනගන්න වෙයිද දන්නේ නෑ උඹට මුන් ටිකෙන් බේරෙන්න බැරි වෙයි කන්න ඉල්ලලා "



"මම හෙට දෙන්නම් මචන් හැමෝටම පාටියක් අද ගෙනාවේ නැත්තේ ඉතින් කියක් ඉන්නවද දන්නේ නැනේ මචන් එකයි "



"ඒක අව්ලක් නෑ බන් මම උඹව ශේප් කරන්නම්කො "



දෙන්නගේ කතාව අතරින් හිරූ ඇහුනා විවේක කාලය ඇරඹෙන්න බෙල් කරනවා ...

ඒත් හිරූ ටිකක් වෙලා ඉදිය වගේම හිටියා .





"හිරූ මොකද මේ කවදාවත් ලෙඩකට නිදා නොගන්න කෙල්ල අද    දොය්ය    බබා වෙලා ,කන්නැද්ද අද "

මාධව පන්තියෙන් එලියට යන ගමන් හිරූ ගෙන් ඇහුවා..හිරූ එහෙමම ඔලුව ඉස්සුවා කලබලෙන් ....



"නෑ නෑ මාධව මෙයාල වැඩ කරනවනේ ඒකයි මේ ටිකක් හිටියේ මම... "



"හා හා ඕව ඉවර කරලා එනවකො මේනු ඉදි අප්පයක් හරි කන්න අපිට .නැද්ද මචන් "



"ආහ්! සොරි මචෝ අදුන්නලා දෙන්න බැරි උනානේ ..මේ තමයි අපේ පන්තියේ ඉර .. කියන්නේ හිරූ දික් කරලා කිව්වොත් හිරුණි සේයා සූරියාරච්චි "





දිගට හරහට මේ කියවන කොල්ලට හිතෙන බැනපු කෙල්ලට කර කියාගන්න දෙයක් නැති උනා හිරාන් අතට අත දෙද්දී 



"හෙලෝ ...අදුරගන්න ලැබුණු එක සතුටක් "



හිරාන් කිව්වා 



"....ත් .."



කියල අමාරුවෙන් එකම එක වචනයක් ගලපගන්න හිරුට පුළුවන් උනා 



"එතකොට මේ ඉන්නේ අපේ මන්දරා සිතුම්නි ,මෙයා තමයි රසට කන්න පුළුවන් ඉදි   ආප්ප ගේන්නේ අපිටත් සමහර දවසට ..එතකොට මේ ඉන්නේ අපේ පන්තියේ ෆාතිමා ෆස්නා අවරුද්දකට පාරක් හරි වටලප්පමක් ගේන්නේ මෙයා තමයි ..මෙයා තමයි ශානිකා බණ්ඩාර නොහොත් බේබි ශානි "



හතර දෙනාටම මාධව හිරාන් අදුන්නලා දෙද්දී හිරූ පැත්තක ඉදන් බලන් හිටියා ...





"හමොමවම අදුරගන්න ලැබුණු එක සතුටක් ,මේ මන්දාරා තැන්ක්ස් කරන්න ඕනි මව කොල්ලෝ මඩවද්දී    බේරගන්න වචනෙකින් හරි උදව් කලානේ ඔයා "



"අනේ ඕව මොනාද ඉතින් අපි එක පන්තියේ යාළුවොනේ .යමුද එහෙනම් කන්න අපි "



මේනුයි මාධවයි ශානියි හිරුයි ෆස්නායි හිරානුයි  කතාවෙන් කතාව එකටම කැන්ටිම පැත්තට ඇදුනා


****************************


 "මොකද මේ කොල්ල අපේ හිරූ දිහා ඇස් පා කරන්නේ "
 කැන්ටිමට යනකන්ම  හිරාන්   දහ දොළොස් වතාවකට වඩා හිරු දිහා බලනවා දැකපු මාධව හෙමිහිට හිරාන්ට ලං වෙලා මෙහෙම ඇහුවා 

 

"මු ..මු ..කු ..ත්  න්....  නෑ මාධව . ..o මේ නි..කමට වටපිට බැලුවේ "



"ඔන්න ඔන්න ඉතින් අපිටත් කොලේ වහනවනේ මල්ලි බලමුකෝ බලමුකෝ හිරූ දැවී යාවිද කියලා"

මාධව හිරාන්ගේ කරට අතක් දාගෙන කියද්දී හිරාන් ලස්සන හිනාවකින් විතරක් පිළිතුරු දුන්නා...



 සිනාසෙමින් එහෙම කිව්වත් මොකද්දෝ අමුත්තක් මාධවට දැනුනා....ආපු වෙලාවේ ඉදන්ම හිරාන් බැලුවෙම හිරු දිහා කියලා..එත් එතනින් එහාට දෙයක් නොදන්නා නිසාම මාධව සද්ද නැතිව හිටියා......





                        **********************************




^^^^........ඇත්තටම හිරුට ආදරේ කව්ද ..........^^^^

මීලග කොටසින් බලාපොරොත්තු වන්න ....


සැකසුම :- මධු ලියනගේ (මියුසික් එෆ්එම්)

අපේ මියුසික් එෆ්එම් ගෘප් එකට ගිහිල්ලත් මේ කතාව කියවන්න පුලුවන්..... ''මියුසික් එෆ්එම් ගෘප්''


0 comments:

Post a Comment

 
Music Fm © 2011 Design by Music Fm | All Music