Facebook Twitter Google+ Youtube Feed
­

Labandiye - Lahiru Perera




ඔබ එන්න සුළඟේ දැවටිලා
මා ඉන්නේ ඔබ දැන් එයි කියා
සුදු හංස තටුවේ සැතපිලා

පෙම් කරමු රහසේ සැඟවිලා

ලබැඳියේ ලබැඳියේ
මා සිතුම් සිරකලා
ලබැඳියේ ලබැඳියේ
මා සිතින් පෙම්කලා

නා දල්ල වාගේ දිදුලනා
මුදු හාදු වැස්සෙන් මා තෙමා
ඔය දෙතොල් අතරේ සිර වෙලා

මට ඉන්න ඇත්නම් තනි වෙලා

ලබැඳියේ ලබැඳියේ..............

කිරි කවඩි මාලේ මා ගොතා
ඔය ගෙලේ පළඳා හැඩ බලා
මා වින්ඳ සතුටේ නිම් සොයා

ඔබ යන්න සුළඟේ අප දමා

ලබැඳියේ ලබැඳියේ........

ගායනය - ලහිරු පෙරේරා
ගීපද - මනුරංග විජේසේකර
සංගීතය - ලහිරු පෙරේරා



Download MP3 Here

0 comments:

Post a Comment

 
Music Fm © 2011 Design by Music Fm | All Music