හිරූ අද ඉස්කෝලෙට එන්න වේලාසන වැඩියි කියල හිරුට හිතුනේ පාරට බහිද්දිම ඇත කඳු මුදුනෙන් පෙනුණු මීදුම දකිද්දී ....
අම්මා කිව්වේ ඇත්ත තමයි අද වේලාසන වැඩ්යි වගේ ..කමක් නෑ අද කොහොමත් පූජාව අපෙන් නිසා මට බුදු මැදුර අස් කරන්න පුළුවන්නේ "
කියල හිරූ හිතුවා …..
"ඒයි මොකෝ මේ පාන්දරම කල්පනා කර කර ?"
මෙනු ළඟටම එනවා හිරූ දැක්කේ නෑ ...
"අනේ මම ඔයාව දැක්කේ නැනේ කෙල්ලේ කොහොමද දැන් ඔයාට හොදයිද "
"ම්ම් ....ඔයාල නිසා ඉක්මනට හොද උනා මට ..හරි පාලුයි අනේ ගෙදර ඉන්න .ඒකයි මේ අවේ .ටිකක් රිදෙනවා අත නම් ...ඒක හරියාවි ටික දවසකින් "
"අපෝ ගෙදරට වෙලා ඉන්න තිබ්බේ ටික දවසක් අපිට කට තියාගෙන ඉන්න තිබුන එහෙනම් ..අයි ඉතින් නැත්නම් ඔයාට බනිනවට වඩා වෙන වැඩක් නෑනේ අපිට "
දෙදෙනාම සිනා සෙමින්ම පාසලට ඇතුල් උනා ..
"ආ....හිරාන් ගුඩ් මෝනින් .....මොකද මේ අද උදේම ඇවිත් "
හෙලෝ කොහොමද ඉතින් මේනු දැන් හොදයිද ඔයාට ...පරක්කු වෙන්න එපා කියන පාඩම නේ ඉතින් මට මේ ඉස්කෝලෙන් මුලින්ම ඉගැන්නුවේ ..මම ඒ නිසා අද උදේම ආවා ඉතින් "
සුපුරුදු හිනාවෙන්ම මේනුටයි හිරුටයි එකතු වෙමින් හිරාන් කිව්වා ...
"ආ ඒක හොදයි එක පාරින්ම පාඩම තේරුම් අරන් වගේ ළමයා "
"නැතුව නැතුව ...මම හොද ළමයෙක්නේ ඉතින් ඒක නිසානේ එකපාරින්ම ඉගෙන ගත්තේ "
"ඔව් ඔව් කව්ද කිව්වේ නරකයි කියල ඉතින් නේද හිරූ "
මේනු හිරුවත් කතාවට ඇදල ගත්තා..එත් හිරූ සිහින් සිනාවක් මවාගෙන බලාගෙන ඉදියා මිසක් මුකුත් කිව්වේ නෑ ...
කතාවෙන් කතාව කට්ටිය පන්තියටත් ඇවිත් පොත් තියල පුජාවට ලෑස්ති වෙන්න බුදු මැදුර ගාවට යන්න සුදානම් උනා ...
**** **** **** **** ****
පන්තියේ හැමෝම කඩිමුඩියේ පූජාව ලෑස්ති කරනවා කට්ටියක් මලුව පිරිසිඳු කරනවා ..තව කට්ටියක් මල් වට්ටි සකසනවා ..ඒ අතරේ පන්තියේ ඉන්න දඟකාර කොලු පැටව් ටිකත් අද සිල් ගත්තු ගානට පහන් පත්තු කරනවා ...
"අනේ හිරූ මේ පහනට තෙල් ටිකක් මදි තෙල් ටිකක් දෙන්නකෝ "
ඒ චතුරංග ...හිරුගේ පන්තියේම යාලුවෙක් ..
"ඇයි මෙයාගෙන් ඉල්ලන්නේ ඔයා ගෙනාවේ නැද්ද මොකුත් "
මේනු කටකාරකමට ඇහුවා .
"මම ගෙනාවත් හිරුගේ අතින් තෙල් දාල පහනක් පත්තු කලාම පින් වැඩි හලෝ ...ඒකයි මේ මම පහනකට තෙල් ටිකක් ඉල්ලන්නේ ලොකූ ප්රාර්ථනාවක් කරන්න "
"ඒ මොකද්ද ඒ ??" මෙනු ඇහුවා ...
"ඔය වගේ කටකාරියෙක් ලබන ආත්මෙදිත් අපේ පන්තියටම එවන්න කියල ඉල්ලන්න බුදුසාදුගෙන් "
චතුරංග කියපු කතාවට හැමෝටම හිනා ගියා .
"මොනවා උනත් කතාව නම් ඇත්ත නේ ??"
හිරු හෙමින් සැරේ මේනුගේ කනට කරලා විහිළුවක් කළා ...
බුදුන් වැඳලා පාසලේ වැඩ පටන් ගන්න ළමයි හැමෝම පන්තියට ගියා ..ඒ අතරේ හිරූ සමග මේනුත් හිටියා ....
**** **** **** **** ****
අද හිරූ ගේ පන්ති භාර ගුරුතුමිය පන්තියට එන්නේ නෑ කියල පණිවිඩයක් එද්දිම කොලු පැටව් ටිකට හිරෙන් නිදහස් කළා වගේ කගහගෙන එහෙ මෙහෙ දුවන්න ගත්තා ..
එත් එක්කම වගේ අද උදේ මුල්ම පීරියඩ් එකේ වාර්ෂික ක්රීඩා උත්සවය පැවැත්වීම පිළිඹදව රැස්වීමක් කැඳවන බව දන්වමින් පාසල පුරාම නිවේදනයක් නිකුත් උනා ...
"හයියෝ මදැයි ක්රිකට් මැච් එකක් ගහන්න යන්න හැදුවා .දැන් මොනා කරන්නද යමු යමු පහලට රැස්වීමට ..."
මූණ මැලවිලා ගියපු මාධව එහෙම කිව්වා ...එක මොහොතක් පන්තියේ ගුරුවරයෙක් නැති උණු ගමන්ම පිරිමි ළමයින්ට මතක් වෙන්නේ ක්රිකට් ගහන්න..ඒ අවස්තාව මග අරුණ නිසාමද කොහෙද හැමෝම රැස්වීමට ගියේ මූණ එල්ලගෙන වගේ ....
විදුහල්පති තුමාගේ මහා දිග කතාව අහන ඉන්න පිරිමි ළමයින්ට වගේම ගැහැණු ළමයින්ටත් කම්මැලි කමේ හිටියෙත් ..මොකද හැමෝම දන්නවා විදුහල්පතිතුමා කතාවක් කරන්න ගත්තම අයෙත් පයකට වත් ඉවර වෙන්නේ නම් නැති බව ..
එත් ඉතින්
මොනවා කරන්නද .ඉවසා දරාගෙන ළමයි හැමෝම පයක් පමණ වෙලාවක් ඉඳල රැස්වීම ඉවර උන කියල කියද්දීම ප්රාණවත් උනේ ඊළඟට මොකද්ද වෙන්නේ කියල දන්නා නිසාමයි ...හැමෝම ඒ දේට නම් කැමති උනා..මොකද ඒ රැස්වීමෙන් පස්සේ පැවතුනේ ක්රීඩා වලට සිසුන්ව තොර ගැනීමත් ඒ පිළිබඳව දැනුවත් කිරීමත් ......
**** **** **** **** ****
අලුතෙන් පාසලට ඇතුලත් වුනු සියලුම සිසුන්ව වෙනමම රැස් කරගෙන ක්රීඩා භාර ගුරුතුමිය එයාලවත් වෙන වෙනම කණ්ඩායම් වලට වෙන් කළා ....පාසලේ තිබුනේ නිවාස හතරයි ..ඒ
සියලුම සිසුන්ව බෙදා වෙන් කරද්දී හිරාන් වෙන් වුනේ ගජභා නිවාසයට ....ඒත් මාධව හිතන් හිටියේ හිරාන් එයාගේ කණ්ඩායමට තේරේවි කියල ..
'' අනේ බන් මං හිතුවේ උඹත් මගේ කණ්ඩායමටම සිලෙක්ට් වෙයි කියල ..''
"අයියෝ එක කමක් න බන් ..කොහොමත් එක ඉස්කොලෙනේ අපි ඉන්නේ මේ කණ්ඩායම එක දවසකට විතරයි බෙදෙන්නේ ..ඒත් යාලුවෝ ජිවිත කළෙම එකට ඉන්නවා ...ඒ කණ්ඩායමේත් අලුත් යාලුවෝ ටිකක් හම්බවෙයිනේ ...එක නෙමෙයි හිරු මොන හවුස් එකේද "
"ආආආ ඒ මොකෝ ඒ එය ගැන අහන්නේ මෙයා .... "
"එහෙම දෙයක් නෙමෙයි මාධව ක්ලාස් එකේ හැමෝම හොඳට යාලුයි මාත් එක්ක දැන් ..ඒත් හිරු තාමත් මාත් එක්ක කතා කරන්නේ නෑ ...ඒ ඇයි කියන්න දන්නෙත් නෑ මචන් මම ...ආඩම්බර පාටක් නම් පේන්නත් නෑ ...අහිංසකයි වගේ ..ඒත් තවමත් හරියට වචනයක් කතා කලේ නැනේ "
"අෆ්ෆා මෙයා හිතල තියෙන දුර ...
හිතට දුකයි ද සහෝදරයා ..
ඕව ඔහොම තමයි මුලදී මුලදී ....ඉවසමු මස්සිනා ඉවසමු .....ඔන්න එහෙනම් මාත් දෙන්නම්කො හෙල්ප් එකක් "
"උඹට නම් විකාර ..
මං කිව්වේ එහෙම එකක් නෙමෙයි බන් මම ඇහුවේ වෙන එයා කතා කරනවනේ ඇයි එයා විතරක් කතා කරන්නැත්තේ කියල "
"ඉතින් උඹ හිතපන් පොඩ්ඩක් උඹ එක්ක හැමෝම කතා කරනවා ..ඒත් එයා කතා කරන්නේ නෑ ...
ඒත් උඹේ අතින් එයට වැරද්දක් වෙලත් නෑ ..කිසිම ප්රශ්නයක් වෙලා නැත්නම් ඇයි එයා කතා නොකරන්නේ ?? කෙල්ල උඹ ගැන හිතනවා වගේ මට පේන විදියට ....
නැත්නම් එයා එහෙම ආඩම්බර කෙනෙක් නෙමෙයි බන් මං දන්න කලේ ඉඳලම කෙල්ල හරිම හොදයි මේ ඉස්කෝලේ ඉන්න අනිත් හැම කෙල්ලෙක්ටම වඩා හිත හොද කෙල්ල ..
කවදාවත් එක වචනයක් හිත රිදෙන්න කියන්නේ නෑ යාලුවෙක්ට උනත් ...
අපි බලමුකෝ මස්සිනා "
මාධව හිරු ගැන ලොකු ජිවන දර්ශනයක් දුන්නා ..
ඒ කියපු දේවල් හොදටම ඇති කෙල්ල කව්ද කියල හිතාගන්න ඕනෑම කෙනෙක්ට .....හිරාන් දිගටම කල්පනා කලේ හිරු ගැන ...කතාවෙන් කතාව හිරාන් හිරු ගැන කොච්චර දුරට හිතුවද කියනවා නම් අඩුම ගැනේ හිරාන්ට හිරු ඉන්නේ මොන නිවාසයේද කියලවත් අහගන්න අමතක උනා .....
^^^^........මාධව හිරු හිරාන් අදර කතාව ට මුල පුරාවිද .........^^^^
මීළඟ කොටසින් හමුවෙමු......